
රූ1.සම්මත ද්රාවණයක් සෑදීම.
“තේ එක බොන්න බෑ. සීනි වැඩියි.”මෙවැනි කියමන් ඔබ අසා තිබෙන්නට පුළුවන. අපි තේ වතුරෙහි සිීනි නම් වූ ඝන ද්රව්යය ද්රාවණය කරමු. සීනි මනිනු යේ තේ හැදි වශයෙනි. රසායනික ගණනයේ දී වඩාත් සූක්ෂම මිණුම් අවෂ්ය වේ.
සෑදීමට පමනක් සීමා කරමු.
-
මෙවැනි මිශ්රන, ද්රාවණ (solution) ලෙසද, ඝන ද්රව්යය, ද්රාව්යය (solute) ලෙසද, ද්රචය ද්රාවකය (solvent) මෙන්ද හදුන්වනු ලැබේ.
උදාහරන.
|
ද්රාවකය.
|
ඳ්රාව්යය.
|
ද්රාවකය.
|
|
1. වතුර
2. ජලය.
3. මඳ්යසාර.
4. රස දිය.
|
සීනි+තේ.
ලුනු.
අයඩින්.
ටින්.
|
තේ වතුර.
සේලයින්.
අයඩින් ටින්ක්ච’.
ටින් අැමල්ගම්.
|
සන්තෘප්ත ද්රාවණ.
සමහර අවස්ඵාවන්හි දී ද්රාවණ තනුක හෝ සාන්ද්ර වශයෙන් හදුන්වමු.
-
තනුක ද්රාවණයක ද්රාව්ය ප්රතිශතය අඩු ය.
-
සාන්ද්ර ද්රාවණයක ද්රාව්ය ප්රතිශතය වැඩි ය.
-
‘සන්තෘප්ත ද්රාවණයක්’, යනු කිසියම් ද්රාවක පරිමාවක උපරිම ද්රාව්ය ප්රමානයක් අැති ද්රාවණයකි. මෙය සම්මත ද්රාවණයක් නොවේ.
ද්රාව්යතාවය.
ද්රාවක නියත ස්කන්ධයක හෝ පරිමාවක, ද්රාවණය කළ හැකි උපරිම ද්රච්ය ස්කන්ධයයි,
බොහොමයක් ඝන ද්රව්යයන් ගේ ද්රාව්යතාවය පරිසර වෙනස් කම් අනුව වෙනස් වෙයි.
පල්මාණික්කම් කැට ගැන ඔබ දන්නේ ද? එය ජලයේ ද්රාවණය කළ විට නීල වර්ණ ද්රාවණයක් සෑදේ.
උෂ්ණත්වයට අනුව එම වෙනස
|
උෂ්ණත්වය
|
0°C
|
10°C
|
20°C
|
30°C
|
40°C
|
50°C
|
60°C
|
70°C
|
|
ද්රව්යතාවයg.
ජලය 100g.
|
14.2g
|
16.8g
|
20.1g
|
23.9g
|
28.5g
|
34.0 g
|
40.5 g
|
47.9 g
|
උෂ්ණත්වය වැඩි වත්ම ද්රාව්යතාවය ඉහල යයි. එහෙත් එම වැඩිවීම අනුලෝම සමානුපාතික නොවේ.
සාන්ද්රණය සෙවීම.
කිසියම් ද්රාවණයක සාන්ද්රණය ඳක්වන ප්රධාන ක්රම ඳෙකක් තිබේ.
-
ජලය ග්රෑම් 100ට ද්රාව්ය ස්කන්ධය .
මෙම සාන්ද්රණය ද්රාවක මි.ලී.100ට ග්රෑම් චශයෙන් දිය හැකිය.
|
සූත්රය
සාන්ද්රණය =ද්රාව්ය ස්කන්ධය÷ද්රාවක පරිමාව.
|
උදාහරණයකි.
|
ගැටළුව.
උෂ්ණත්ටය 30°C දී , ජලය ග්රෑම් 20 ක,CuSO4.5H2O, ඳ්රාවණය කළ හැක්කේ ග්රෑම් 4.8 ක් පමණි.
ද්රාව්යතාවය ජලය ග්රෑම් 100 කට ගනනය කරන්න.
|
විසදුම.
ජලය ග්රෑ.20. ද්රාව්යතාවය = 4.8
ජලය ග්රෑ.1. ද්රාව්යතාවය = 4.8÷20
ජලය ග්රෑ.100. ද්රාව්යතාවය = 4.8×100÷20 = 24 g/100g.
(ජලයේ ඝනත්වය 1. g/cm3 බැවින්
මෙය 24 g/cm3වශයෙන් ද නිවැරදිය. )
|
-
ඳ්රාවණ ලීටරයට ද්රාවණය වී අැති මවුල සංඛ්යාව.
මෙය මවුලිකතාවය ලෙස හැදින්වෙන අතර ද්රාවක ලීටරයට මවුල වශයෙන් දැක්වෙයි.
|
සූත්රය
මවුලිකතාවයM. = මවුල සංඛ්යාව mol.
ලීටර පරිමාව. L.
|
මවුලිකතාවය සෙවීම.
මවුල එකක 1M. ද්රාවණයක් යනු ද්රාවන ලීටරයක ද්රාව්ය මවුල එකක් බැගින් අැති ද්රාවණයකි.
ද්රාවණ ලීටරයට මවුල දෙකක් බැගින් අැත්තේ නම් එහි මවුලිකතාවය දෙකකි.
මෙහිදී සැලකිය යුත්තේ ද්රාවණ පරිමාව මිස ද්රාවක පරිමාව නොවේ.
උදාහරන
සම්මත ඳ්රාවණයන් හි පරිමා ලීටරයකට අවෂ්ය ද්රාව්ය ස්කන්ධ.
|
ද්රව්යය.
|
ලුණු
|
කොප’ සල්ෆේට්
|
ග්ලූකෝස්.
|
|
සූත්රය→
ද්රාවණය↓
|
NaCl
23+35.5
|
CuSO4
63+32+64
|
C6H12O6 72+12+96
|
|
අණුක ස්කන්ධය.
|
58.5 amu.
|
159 amu.
|
180 amu
|
|
1M ද්රාවණයක
|
58.5 g.
|
159 g.
|
180 g.
|
|
2M
|
117 g
|
318 g
|
360 g
|
|
0.5M
|
29.25 g
|
79.5 g
|
90 g
|
නිදසුන් 1 .
මවුලික ඳ්රාවණ සෑඳීමට ගන්නා, විවිධ පරිමාවන් ඇති ෆලාස්කු(Volumetric flasks) භාවිතා කරගෙන මවුලිකතාවය ලීටරයට එකක් වන ද්රවණයනට අවෂ්ය ඳ්රාව්ය ස්කන්ධය සොයන්න.
පිළිතුරු රතෙනි.
|
පරිමාමිතික
ෆලාස්කු ව /
ද්රාවණ පරිමාව.
|
ද්රාව්යය.
|
අණුක ස්කන්ධය/ amu
|
අවෂ්ය ඳ්රාව්ය ස්කන්ධය.
ග්රෑම්.
|
|
100ml.
|
NaOH
|
23
+16
+1
= 40.
|
40x100
1000
=4 g.
|
|

50 ml.
|
Na2CO3
|
46
+12
+48
=106
|
106 x50
1000
=5.3g.
|
|
25 ml.
|
KCl
|
39
+35.5
=74.5
|
74.5 x25
1000
=1.86 g.
|
නිදසුන් 2.
|
ගැටඵව.
2.1 සෝඩියම් කාබනේට් 5.3 g. ක් ද්රවණය කළ, මි.ලී 100 ක ද්රාවණයක් තිබේ නම් එහි මවුලිකතාවය කීය ද?
|
විසදුම.
Na2CO3 මවුල සංඛ්යාව =5.3 g /106
ලීටරයක ඇති මවුල=5.3 g×1000
100 × 106
= 0.5mol/L.
|
|
2.2 මවුලිකතාවය 1.5 ක් වන ග්ලුකෝස් ඳ්රාවණයකින් මිලී 150 ක් අාසුත ජලය එක් කොට, ලීටරයක් කළ පසු, එහි මවුලිකතාවය කීය ද?
|
පලමු ද්රාවණයේ මි.ලී 150 ක අැති මවුල
= 1.5 ×150
1000
ලීටරයට මවුල=0.225mol/L.
|
ඳ්රාවණ තනුක කිරීමේ දී භාවිතා කළ හැකි සූත්රයකි.
ඉහත ගැටඵව විසදීමට මෙය යොදා තිබේ.
|
සූත්රය.
M2V2 = M1V1
|
භාවිතය.
M2 =1.5 x150
1000
= 0.225 ලීටරයට මවුල.
|
වරණ
පුහුණුව.
බහුවරණ ප්රශ්න.
1-1.ඝන දේ ද්රාවණයේ දී සාන්ද්රණය දැක්වීමට නුසුදුසු කචරක් ද?
-
ද්රාවක ග්රෑම් 100 ට ඳ්රාවණය වන ද්රාව්ය ස්කන්ධය.
-
ද්රාවක මි.ලී. 100 ට ඳ්රාවණය වන ද්රව්ය ස්කන්ධය.
-
ඳ්රාවණ ලීටරයට ඳ්රාවණය වන ද්රාව්ය පරිමාව.
-
ඳ්රාවණ ලීටරයට ඳ්රාවණය වන ද්රාව්ය මවුල සංඛ්යාව.
1-2. ජලය ග්රෑම් 100 ක පොටැසියම් හයිඩ්රොක්සයිඩ් 4.0 g. ද්රාවණය කර තිබේ.
KOH ග්රෑම් 3 ක් ලබා ගැනීමට කවර ද්රාවණ ප්රමානයක් වාෂ්ප කළ යුතු ද?
(ද්රාවණ ක්රියාවලියේ දී පරිමාව හා උෂ්ණත්වය නියතයයි සලකන්න)
-
මි.ලී.60 b.මි.ලී.75 c. 75g. d.70 g.
1-3.සිට 1-4
1-3.
උෂ්ණත්වය 80°C දී, ජලය 50g. සන්තෘප්ත කිරීමට
අවෂ්ය NaNO3 ස්කන්ධය.
a. 125g. b 60g. c 20g. d.62.5g.
1-4
උෂ්ණත්වය 60° දි සන්තෘප්ත කර ඇති KNO3 ඳ්රාවණයක මි.ලී 20 ක් උෂ්ණත්වය20°C දක්වා සිසිල් කළහොත් පිටවිය යුතු ද්රාව්ය ස්කන්ධය.
A . 99gb.9.9 c.19.8 d.9.4
1-5 මවුලික ද්රාවණ පිලිබදව නිවැරදි කුමක් ද?
-
නියත ද්රාවණ පරිමාවක ඇති මවුල සංඛ්යාව දත යුතු ය
-
නියත ද්රාවණ පරිමාවක ඇති ද්රාව්යයේ ස්කන්ධය දත යුතු ය.
-
නියත ද්රාවණ ස්කන්ධයක අැති මවුල සංඛ්යාව දත යුතු ය.
-
සන්තෘප්ත ද්රාවණයක් විය යුතු ය.
1-6 මවුලිකතාවය ගැන ඉතාමත් උචිත පිලිතුර කුමක් ද?
-
ද්රාවණ ලීටරයක ඇති ද්රාව්ය ස්කන්ධය.
-
ද්රාවණයක ඇති අණුක ස්කන්ධය.
-
ජලය ලීටරයක ඇති, ද්රාව්ය අණුක ස්කන්ධ.
-
ද්රවණ ලීටරයක ඳ්රාවණය වී ඇති මවුල සංඛ්යාව……..
1-7 ද්රාවණ ලීටර 2 ක, ලවණයක ග්රෑම් අණුක ස්කන්ධය තිබේ නම් එහි
මවුලිකතාවය කීය ද?
-
1. b.½ c. 2. d. සෙවිය නොහැක.
1-8 මවුලිකතාවය සෙවීමට නිවැරදි සූත්රය කුමක් ද?
a. මවුලිකතාවය=මවුල සංඛ්යාව ÷අණුක ස්කන්ධය.
B. මවුලිකතාවය= මවුල සංඛ්යාව ×ලීටර පරිමාව.
C. මවුලිකතාවය= අණුක ස්කන්ධය ÷ මි.ලී. පරිමාව.
D. මවුලිකතාවය= ද්රාව්ය ස්කන්ධය ÷ මි. ලී.1000.
1-9
සාමාන්ය සේලයින් ද්රාවණයක (NaCl)සාන්ද්රණය ලීටරයට ග්රෑම් 9.0 කි.
මෙහි මවුලිකතාවය කීය ද?
a. 9.0 /58, B. 0.9 /58, C. 9×58 /1000, D. 9×1000/58
1-10.
මි.ලී. 20 ජල පරිමාවක් 1M. ද්රාවණයක් කිරීමට, මවුලිකතාවය 5 mol/L. සල්ෆියුරික් අම්ල ද්රාවණයකින් කවර ප්රමානයක් එක් කළ යුතු ද?
-
4ml., b.35.6 g, c.2ml, d.1ml,
පිලිතුරු 1-c , 2.-b, 3.d, 4-c, 5.-a, 6-d, 7-b, 8 b, 9- b, 10.-a,
ලකුණු3x10-30 .
2 .0 K2CO3 ඳ්රාවණ සෑදීමට
2.1 මවුලිකතාවය 1 ක ඳ්රාවණ ලීටරයකට අවැසි ස්කන්ධය=138 g.
2.2 මවුලිකතාවය 2 ක ඳ්රාවණ මි.ලී.500(0.5L) අවැසි ස්කන්ධය=138 g.
2.3 මවුලිකතාවය ½ ක ඳ්රාවණ ලීටර 2 කට අවැසි ස්කන්ධය= 138 g.
2.4 138 g ක් ආසුත ජලයේ ද්රාවණය කර ලීටර 1ක ෆලාස්කුවක් පිරවූයේ නම් ඳ්රාවණයේ මවුලිකතාවය = 1 mol/L.
2.5 69 g ක් ආසුත ජලයේ ද්රාවණය කර මි.ලී.500 ක ෆලාස්කුවක් පිරවූයේ නම් ඳ්රාවණයේ මවුලිකතාවය = 1 mol/L.
ලකුණු 10.
3.0 මෙය KOH පිලිබදවයි.
3.1 ග්රෑම් 56 ක් ඳ්රාවණ ලීටරයක අැත්නම් මවුලිකතාවය= 1.mol/L.
3.2 ග්රෑම් 5.6 ක් ඳ්රාවණ ලීටරයක අැත්නම් මවුලිකතාවය=0.1 mpl/L.
3.3 1.mol/L. ද්රාවණ මි.ලී 500 ක තිබිය යුතු ස්කන්ධය=28 g.
3.4 1.mol/L. ඳ්රාවණයකින් ග්රෑම් 2.8 ලබාගැනීමට අවැසි පරිමාව=50 ml.
3.5 0.5 mol/L ද්රාවණයක මි.ලී. 20 ක් වාෂ්පීකරණයන් ලැබෙන අවශේෂයේ ස්කන්ධය= 28×20 = 0.56g.
1000
ලකුණු 10
4.0 මෙය හයිඩ්රොක්ලොරික්(HCl) අම්ලය පිලිබදවයි.
4.1 මවුලිකතාවය 1 ක ඳ්රාවණ ලීටරයකට අවැසි ස්කන්ධය= 36.5 g
4.2 1.0 mol/L ඳ්රාවණයක මි.ලී.50 ක අැති අම්ල මවුල =0.05mol.
4.3 එහි අම්ල ස්කන්ධය= 1.825 g
4.4 සමීකරණය :- Mg + 2HCl = MgCl2 + H2
HCl මවුල 1 කට ලැබෙන H2 මවුල= ½
4.5 HCl මවුල 0.050. කට ලැබෙනH2 මවුල= 0.025 mol
ලකුණු 10
5.0 5.0 mol/L, H2C2O4 ඔක්සැලික් අම්ල මි.ලී 25 ක් මවුලික ද්රාවණයක් කිරීමට අාසුත ජලය එකතු කළ යුතුය.
5.1 අම්ල මි.ලී. 1000 ක ඇති මවුල= 5
5.2 අම්ල මි.ලී. 25 ක ඇති මවුල = 5×25÷1000 mol. =0.125mol.
ලකුණු 4
5.3 මෙයට 1M ඳ්රාවණයක් කිරීමට එක් කළ යුතු ජල පරිමාව.
විසදුම
|
M2V2 = M1V1
V2=5x25/
= 125ml.
|
එකතු කළ යුතු ජල පරිමාව= මි.ලී100.
ලකුණු 6
6.0 මවුලිකතාවය 2M වන KOH ද්රාවණයකින් මි.ලී.50 කට 3M ද්රාවණ මි.ලී.25එකතු කරන ලදි.
6.1 2M වන KOH ද්රාවණයකින් මි.ලී.50 ක ඇති මවුල:-
= 2×50÷1000= 0.1 mol
6.2 3M . . ද්රාවණ මි.ලී.25 ක ඇති මවුල:-
= 3x 25 / 1000= 0.075 mol.
6.3 මවුල එකතුව = 0.175 mol.
6.4 මිශ්රණයේ පරිමාව = 75 m.l.
6.5 මිශ්රණයේ මවුලිකතාවය =0.175/75 =2.33mol/L.
ලකුණු 10
7.0 මෙය CuSO4 පිලිබදවයි. එය මෙලෙස අයනීකරණය වෙයි.
Cu++ + SO4--
7.1 මවුල එකක ස්කන්ධය=64+32+64 = 160 amu.
7.2 මවුල එකක, (1M)මි.ලී. 50 ක ඇති මවුල= 50/1000 =0.05mol
7.3 මෙම ද්රාවණයේ තිබිය හැකි උපරිම Cu++ සංඛ්යාව
(අවගාඩ්රො සංඛ්යව N ලෙස සලකන්න) =0.05N.
7.4 ද්රාවණයට Mg දැමීමෙන් Cu++ ඉවත් කළ හැකිය. මේ සදහා අවෂ්ය මැග්නීසියම් ස්කන්ධ ය.
ලකුණු 10
8.0
8.1 මැග්නීසියම් ෆ්ලොරයිඩ්(MgF2) ද්රාවණයකින් මි.ලී.20 ක් වාෂ්ප කිරීමෙන් ග්රෑ3.1 ක අවශේෂයක් ලැබින.
8.1 ද්රවණයේ මවුල කීයක් තිබෙන්නට අැද් ද?
8.2 ද්රාවනයේ මවුලිකතාවය කීය ද?
8.3 එම මි.ලී 20ට තව ත් ජලය මි.ලී 20ක් එක් කළහොත් එහි මවුලිකතාවය කීය ද?
ලකුණු 3+3+4=10