Chemistry‎ > ‎

2.අණුක සූත්‍ර .

posted Apr 14, 2017, 2:39 PM by Upali Salpadoru   [ updated May 7, 2017, 7:45 PM ]

බර්ක්ලි ආයතනය මගින්, සුවිශේෂ කැමරාවකින් ගන්න ලද රූප පලමු පේලි දෙකෙන් පෙන්නුම් කෙරේ.

 



අණුක සූත්‍ර යනු කවරේ ද?

පරමාණු, රසායනිකව බද්ධ වීමෙන් අණු සෑදේ.

උදාහරනයක් වශයෙන් ජලය H2 O සලකා බලමු. හයඩ්රජන් පරමාණු දෙකක් එක ඔකසිජන් පරමාණුවක් සමග එක් වී අැති බැව් සූත්‍රය පෙන්නුම් කරයි. 

අප මෙය දන්නේ කෙසේ ද?  අණුවක අඩංගු සංඝටක වල ස්කන්ධ හා එ්වායේ පරමාණුක ස්ඛන්ධ දන්නේනම් අණුවක අැති සංඛ්‍යාවන් ගනනය කිරීමට පුළුවන. 

උදාහරනයක් ලෙස මෙය සලකන්න.

 නිදසුන 1.
   

 සිරිමල් පලතුරු ව‍ෙලදාමට සැරසී දොඩම් හා ඳෙහි කි.ගෑ. එකක් බැගින් මිල ඳී ගත්තේ ය. දොඩම් ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑ.25 කි.  දෙහි ගෙඩියක් ග්‍රෑ.10කි. ම‍ෙම ඳෙවර්ගය කීයක් බැගින් ඔහුට ලැබ‍ෙන්නට ඇත් ද?

විසදුම.


ද්‍රව්‍යයහා එකිය ස්කනධය. ස්කන්ධ අනුපාත හෝ ප්‍රතිශත. සංඛ්‍යා අනුපාතය සරල අනුපාතය
දොඩම=25.
දෙහි = 10g.
 දො= 1000g.
 දෙ.= 1000g.
 =1000÷25 = 40
  =1000÷10
= 100
  2
  5
 

එහි සූත්‍රය මෙසේ දැක්වෙයි.

දොඩම් 2 : ද‍ෙහි 5











නිදසුන 2

මහින්ද කෝවක් තුල මැග්නීසියම් පීත්ත පටියකින් ග්‍රෑ.3.0 දහනය කළේය.

ඔහුට ලැබුන මැග්නීසියම් ඔක්සයිඩ් හි බර ග්‍රෑ.5.0 කි.

මැග්නීසියම් ස්කන්ධය = 3 ඔක්සිජන් ස්කන්ධය   = 5-3 = 2



Mg

O

පරමාණුක ස්කන්ධය

24

16

බර අනුපාතය

3

2

අණු සංඛ්‍යා අනුපාතය

3÷24

= 1/8

2÷16

=1/8

මේ අනුව Mg හා O හි සූත්‍රය Mg O විය යුතු ය.ං


සංඝටක ප්‍රතිශත ය.


 ඕනෑම  සංයෝ ගයක මූල ද්‍රව්‍යයන්හි ස්ඛන්ධ ප්‍රතිශතයන් සමාන විය යුතු ය. (සමස්ඵානික සැලකීමේදී මෙය වෙනස් චිය හැකි ය) ජලයෙහි තිබෙන ඔක්සිජන් හා  ප්‍රතිශතයන් නියත ය. අණුක ස්ඛන්ධ ආශ්‍රය‍ෙන් ම‍ෙම ප්‍රතිශතයන්  ස‍ෙවීම ඉතාමත් පහසු ය .

නිදසුන 2.

     ජලයේ ඇති සංඝටක ස්කන්ධ ප්‍රතිශතයන්.

 

ජලය‍ෙහි  සූත්‍රය ………...H2O

එහි අණුක ස්කන්ධය……...18

ඔක්සිජන් අණුක ස්කන්ධය..16

ඔක්සිජන් ස්කන්ධ %..(16 /18) x100

                        = 88.89%  


 
ඉතිරිය හයිඩ්‍රජන් ය.
එය ..=100-88.89

=11.11 %

    

නිදසුන්3.

  අැමෝනියම් සල්ෆේට් ස්කන්ධ ප්‍රතිශතයන්.

 

 සූත්‍රය(NH4)2SO4   අණුක ස්කන්ධය.
 පරමාණු පිලිව‍ෙල 2.N +8.H +S+4 O   =132


N

H

S

O

ස්ඛන්ධය

2x14=28

8

32

4x16=64

ප්‍රතිශතයන්

(28/132)x100


21.21%

(8/132)x100


6.06 %

(32/132)x100


24.24%

64/132)x100


48.48 %



නිදසුන 4

එක්තරා සංයෝගයක තිබෙන මූල ද්‍රව්‍ය වල බර ප්‍රතිශතයන් මෙසේය.

Na =43.40 %  C=11.30%  o = 45.30%



Na --23

C--12

O--16

බර අනුපාතය

43.40

11.30

45.30

අණු සංඛ්‍යා අනුපාතය

43.4÷ 23

=1.89

11.3 ÷12

=0.942

45.3÷16

=2.83

ම‍ෙයින් කුඩාම සංඛ්‍යාව වන 0.942 න් ම‍‍ෙසේ බ‍ෙදන්න.

අණු සංඛ්‍යා අනුපාතය

1.89÷0.942

=2

0.942÷0.942

=1

2.83÷0.942

=3

අනුපාතය    = 2:1:3    සූත්‍රය   Na2CO3 විය යුතු ය.




පුහුණුව 1.

ඉංගිරිසි අකුරු ඇති කොටු පුරවන්න.

1.ම‍ෙම සංයෝගයන් හි සංඝටක ප්‍රතිශත යන් සොයන්න.



  1. මැග්නීසියම් ඔක්සයිඩ්

       අණුක ස්ඛන්ධය….40

සංයුති ය.

Mg

O


ස්කන්ධය

24

16


ප්‍රතිශතයන්

a.b.



2. ලෙඩ් ඩයොක්සයිඩ්.

අණුක ස්ඛන්ධ ය.           -----------

සංයුති ය.

Pb

2 x  O


ස්කන්ධය




ප්‍රතිශතයන්

c.d.



3. කැල්සියම් කාබනේට්.

අණුක ස්ඛන්ධ ය.          

සංයුති ය.

Ca

C

3 x  O

ස්කන්ධය




ප්‍රතිශතයන්

e.f.g.


4.කොපර් සල්ෆේ ට් කැටයේ අණුවක ජලය අණු පහක් එක් වී තිබේ.

CuSO4 . 5H2O මෙ හි අැති ජල ප්‍රතිශතය සොයන්න.

අණුක ස්කන්ධය =160 +5×18

CuSO4 .

5H2O

ස්කන්ධයh.i.

ජල ප්‍රතිශත ය.

j.

k.


5. ඇමෝනියම්  ක්ලෝරයිඩ් සෑදී ඇත්තේ  NH4+ අැමෝනියම් අයනයක් හා Cl- ක්ලෝරයිඩ් අයනයක් එකතු වීමෙනි. ස්කනධ අයන ප්‍රතිශතය සොයන්න

NH4Cl අණුක ස්කන්ධය= 53.5




NH4+

Cl-

 

ස්කන්ධය.

1835.5 

ස්කන්ධ     ප්‍රතිශත යන්.

l.

m.

 


6. බරට අනුව වැඩි  පොටැසියම්  ප්‍රතිශතයක් ඇත්තේ   KMnO4   වල ද නැත හොත් KClO3. වල ද?

අණුක ස්කන්ධය KMnO4 - 158 KClO3. - 122.5


KMnO4

KClO3.

 

පොටැසියම් ස්කන්ධය

39

39

 

ප්‍රතිශතයන්

 n.o.
 නිගමනය p.   
    

.

7.

ශාක වලට නයිට්‍රජන් අවෂ්‍ය ය  වැඩි නයිට්‍රජන් ප්‍රමානයක් ලැබෙනුයේ

යූරියාවලින් ද නැතහොත් පො ටැසියම් නිට්‍රේට් වලින් ද?

     යූරියා...CO(NH2)2. -60              පොටැසියම් නයිට්‍රේට්...KNO3-65



CO(NH2)2

KNO3

අණුක ස්කන්ධය



අණුවක අැති

නයිට්‍රජන් ස්කන්ධය

q.r. 

නයිට්‍රජන් ප්‍රතිශතය.

s.t.

නිගමනය= u.. . .

8 . හයඩ්‍රජන් රොක්සයිඩ් අණුවක  ජල අණුව ට වඩා අමතර ඔක්සිජන් පරමාණුවක් තිබේ.  ජලය H2O,          හයඩ්‍රජන් රොක්සයිඩ්  H2O2.

හයඩ්‍රජන් රොක්සයිඩ් හි වැඩි පුර ඇති ඔක්සිජන් ප්‍රතිශතය සොයන්න.


9.

Canvas.jpg

හයිඩ්‍රජන්  මූල ද්‍රව්‍යය‍ෙහි සමාන්‍යය‍ෙ න් තිබෙනුයේ  H-1   වුව ද ඉහත ඳක්වා අැති, H-2,සහ H-3,  සමස්ඵානික ඳ තිබීමට පුළුවන.

මේවායින් සෑදෙන ජලය රසායනික ලක්ෂණ අතින් සමාන වුව ද එ්වායෙහි සංඝටක ප්‍රතිශතයන් අසමානය. එ්වායේ ඔක්සිජන්  ප්‍රතිශතය ගනනය කරන්න,


 1H2O

2H2O

3H2O

සමස්කඵානික ස්කන්ධය

 18

20

v.

ඔක්සිජන් ස්කන්ධය

.  16

.16

16

ඔක්සිජන්  ප්‍රතිශතය

w.

x.

y.

සැලකිිය යුතුයි:- සාමාන්‍ය හයිඩ්‍රජන් සැම්පලයක H-1 සමස්ඵානික 99.99% ක්ම තිබ‍ෙන බැව් සැලකිිය යුතුය.

ලකුණු 2×25=50



පුහුණුව 2.

රස දිය ඔක්සයිඩ් ග්‍රෑ. 54.0 ක් රත් කිරීම‍ෙන් ඔක්සිජන් ග්‍රෑ.4.0 ක් හා රස දිය ග්‍රෑ.50.0 ලබා ගති. රසදිය ඔක්සයිඩයේ සූත්‍රය සොයන්න.


මූල ද්‍රව්‍ය / පරමාණුක ස්ඛන්ධය.

Hg-200

O - 16

ස්කන්ධය

50

4

පරමාණු සංඛ්‍යා අනුපාතය.

50÷200 =  1/4

4 ÷ 16 = 1/4

අනුපාතය =a. 1:1   සූත්‍රය =b. HgO.


2 සිට10 සූත්‍ර සොයන්න.

2.   හයිඩ්‍රජන් හා ඔක්සිජන් පමණක් අැති සංයෝගයකින් ග්‍රෑ.340. ක් වියෝජනය කරන ලදි. ලැබුන ඔක්සිජන් බර ග්‍රෑ.320 කි.


H - 1

O -16

දී ඇති   

ස්ඛන්ධයන්

340-320

=20

ග්‍රෑ‍.   320

පරමාණු .සංඛ්‍යා අනුපාතය.

20 / 1

= 20

320 / 16

=20

අනුපාතය. c.  1:1                 සූත්‍රය. d.  H1 O1

ම‍ෙය අනුභාවික සූත්‍රය වන අතර එහි නියම සූත්‍රය  H2 O2  වේ.

3.

කොප’ ග්‍රෑ. 1.6 ක් රත් කිරීමෙන් කොප’ ඔක්සයිඩ් ග්‍රෑ.1.8 ක් ලැබින.



Cu- 64

O-16

දී ඇති   

ස්ඛන්ධයන්

1.6

1.8-1.6

=0.2

පරමාණු.සංඛ්‍යා අනුපාතය.

1.6 / 64

=0.025

0.2 / 16

0.0125

අනුපාතය;-e. 2:1  සූත්‍රය:-f.Cu2O

4.ස්ඵටීකරන ජලය ඇති සංයෝගයක සංයුතිය මෙසේය.



Na-23

C-12

O-16

H2O- 18

සංයුතිය

37.1 %

9.7 %

38.7 %

14.5 %

සංඛ්‍යා අනුපානය.

37.1÷23

g=1.61

9.7 ÷12

h.= 0.81

38.7÷16

i.= 2.42

14.5÷18=

j=0.81

සියල්ලම 0.81 න බෙදීම‍ෙන්  2.01:1:2.99:1

        සූත්‍රය:-      k.     Na2CO3.H2O


5.


Ca-40

C-12

O-16

සංයුතිය

l.40%

.12%

.48%

සංඛ්‍යා

අනුපානය.

40/ 40

l.= 1

12/12

m.= 1

48 /16

n..= 3

      සූත්‍රය:- o. CaCO3.

6.


Ca-40

H-1

O-16

සංයුතිය

p. 54.05%

q.100-97.29

=2.71

r.43.24 %

සංඛ්‍යා

අනුපානය.

1..35/1.35

s. = 1

2.71 /1.35

t.= 2.

2.70/1.35

u. =2

   සූත්‍රය:- v. Ca H2O2   ……….     Ca(OH)2


7. ල‍ෙඩ් ඔක්සයිඩයකින් ග්‍රෑ. 2.39 ක් ඔක්සිහරණය කොට ඊයම් ග්‍රෑ.2.07 ක්ලබා ගත.



Pb - 207

O- 16

ස්කන්ධය

2.07

2.39 -2.07

=032

සංඛ්‍යා

අනුපානය.

w. 2.07 /207= 1

x.0.32 / 16= .2

        සූත්‍රය:-y. PbO2.


ලකුණු 2×25=50


Comments