Chemistry‎ > ‎

5.මවුලිකතාවය.

posted Jun 6, 2017, 2:47 PM by Upali Salpadoru   [ updated Jun 16, 2017, 3:51 PM ]

සමීකරණ ගැටළුවට මවුල විසදුම.

 අපි කේක් සෑදීම වැනි ක්‍රියාවන්හි දී ඉතා සුපරික්ෂාව සීනි, පිටි වැනි ඳේ කිරා ගනිමු. මෙලෙස ම නොයෙකුත් කර්මාන්ත වල දී

අවශ්‍ය අමුද්‍රව්‍ය ස්කන්ධයන් සොයාගැනීම අත්‍යාවශ්‍ය ය.

Canvas.jpg

ම‍ෙහි පෙන්වා ඇත්තේ චීදුරු සෑඳීමට වැලි නොයෙකුත් ඔක්සයිඩ සමග මිශ්‍ර කොට උණු කරන අාකාරයයි. ප්‍රතික්‍රයාවට අවෂ්‍ය උෂ්ණත්වය හා නිෂ්පාදිත ඳ්‍රව්‍යයෙහි ගුනයන් රදා පවතිනු යේ එකතු කරන්නා වූ ඔක්සයිඩයන්ගේ අනුපාතයන් මතය.

සැලකිය යතුයි: සමහර අවස්ඵාවන් හි දී චවුල වලට ‘ම’.  හෝ  ‘mol’. භාවිතා කෙරෙනු ඇත.

තිදසුන් 8.1

වීදුරු නිෂ්පාදනයට වැලි සමග සෝඩියම් කාබනේට් මිශ්‍ර කරනු ලැබේ.එහි ප්‍රතික්‍රියාව මෙසේය.



SiO2 +Na2CO3 =   + CO2.

වැලි (සිලිකා) ග්‍රෑම්1 කට අවෂ්‍ය සෝඩියම් කාබනේට් ස්කන්ධය සොයන්න.

සමීකරණයට අනුව සිලිකා මවුල 1කට

සිලිකා මවුල 1කට   අවෂ්‍ය Na2CO3  ම. = 1

Na2CO3  මවුල 1ක ස්කන්ධය=(2×23)+12+(16×3)

                                            = 46+12+48=106 g.

තිදසුන් 8.2

පොටැසියම් ක්ලොරේට් රත් කිරීම. KClO3  මවුලයකට ලැබ‍ෙන ඔක්සිජන් ස්කන්ධය ස‍ොයන්න.

සැපයුම්

2KClO3

නිපැයුම්

2KCl       +             3O2

අණු     = 2

  2            +           3

මවුල   =  2

  2            +           3

KClO3   මවුල 2සෑද‍ෙන ඔක්සිජන් = ම. 3.

  .  .      මවුල 1  .         .              = ම. 3÷2.

O2    මවුල 1ක ස්කන්ධය      .       = 32 g.

O2    මවුල 3/2 ක ස්කන්ධ ය        = 32×3/2 g. =   48 g.

තිදසුන් 8.3

සංයෝජනය වන අනුපාතයට සැපයුම් නොමැති විට මෙම ක්‍රමයෙන් විශේෂ පහසුවක් තිබේ.

ම‍ෙය සලකන්න.    

හයිඩ්‍රජන් ග්‍රෑම් 2ක් ඔක්සිජන් ග්‍රෑ 2 ක් සමග එක් කොට කොතරම් ජලය නිපදවිය හැකි ද?

සැපයුම්

           2 H2        +   O2

නිපැයුම්

  2  H2O

අණු     =     2       +      1

  2

අවෂ්‍ය මවුල   =   2    +   1

  2

දී ඇති මවුල =    2/2  & 2/32

                  =    1     + 0.06

 

O2   අව්‍ෂ්‍ය ප්‍රමානයට නොමැති බැව් පැහැදිලි ය.

O2 මවුල 0.06කට සෑඳිය හැක්කේ ජලය ම.  2×0.0625ක් පමනි.

ජල මවුලයක් ගෑම් 18 ක් බැවින් නිපැයුම= 2×0.0625×18 g.

                                                           =  2.25 g.


Comments