
රූප. 1. කොන්ක්‍රීට් මිශ්‍රකයක් සිමෙන්ති, ගල්, වැලි හා ජලය මිශ්‍ර කිරීමෙන් කොන්ක්‍රීට් සාදයි.
රූප.2. ගෙදර ඇති මිශ්‍රකයක්. මිශ්‍රනයක් යනු කෙබදු ද්‍රව්‍යයක් ද? නොයෙකුත් මාදිලියේ මිශ්‍රක හා එ්වායින් නිපදවන මිශ්‍රන ගැන ඔබ දන්නවා විය හැකිය.මෙහි පෙන්නුම් කරන මුලුතැන් ගෙයි භාවිතා කරන උපකරනයෙන් (රූප2.)කවර මිශ්‍රන සාදන්නේ ද? කිරි පිටි +ජලය= කිරි. එලවළු+ලුණු+දෙහි යුෂ= සලාද. පිටි+ ලුණු+පොල් කිරි = අාප්ප මිශ්‍රනය.
මිශ්‍රනයක් යනු පිරිසිදු ද්‍රව්‍යයක් නොවේ. එහි ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි සංඛ්‍යාචක් තිබිය යුතු ය. ලුණු පිරිසිදු ද්‍රව්‍යයකි. එහෙත් ලුණු වතුර මිශ්‍රනයකි. “පිරිසිදු“, යන වචනය විද්‍යාව හැදැරීමෙදී යෙදෙන අර්තයට වඩා වෙනස් අර්තයක් සාමාන්‍ය ව්‍යවහාරයෙ හි තිබේ. පිරිසිදු ජලය හා පිරිසිදු වාතය ගැන අපි කතා කරමු. මෙයින් අදහස් කෙරනුයේ එ්වා මනුෂ්‍ය භාවිතයට සුදුසු බැව් මිස එ්වා පිරිසිදු බැව් නොවේ. පානීය ජලය ඇති බෝතලයක ලේබලය කියවන්න ජලයෙහි ඇති අපද්‍රව්‍ය එහි සදහන් ව තිබිය යුතුය. වාතය ද සැදී ඇත්තේ නයිට්‍රජන්,ඔක්සිජන්, ජලවාෂ්ප හා ධූවිලි මිශ්‍ර වීමෙන් නිසා කිසි සේත් පිරිසිදු විය නොහැකි ය. සුදු සීනි, රත්තරන්, යකඩ ඇලුමීනියම්, කාබන් (අඟුරු) පිරිසිදු ලෙස ලබාගත හැකි ය. ලුණු සෑදී ඇත්තේ සෝඩියම් හා ක්ලොරින් රසායනිකව සංයෝජනය වීමෙනි. එහෙත් එය පිරිසිදු ද්‍රව්‍යයකි. අයඩින් මිශ්‍රිත ලුණු මිශ්‍රනයකි. 
රූප.3. මේස ලුණු NaCl වනාහී පරිසිදු ද්‍රව්‍යයකි.
ප්‍රධාන වශයෙන් මිශ්‍රන දෙවර්ගයකි සම ජාතීය. Homogeneous Mixtures | අසම ජාතීය Heterogeneous mixtures | සෑම සාම්පලයකම සංයුති අනුපාතය සමානය. අන්වීක්ෂයට පවා විවිධ අංශූන් නොපෙනේ. පෙලීම,අවසාදනය, පෙරීම හා වාෂ්පීකරණය වැනි භෘෙතික ක්‍රමයන්ගෙන් මිශ්‍රිත ද්‍රට්‍ය වෙන් කළ හැකිය.
උදාහරන:- සියළුම පැහැදිලි ද්‍රාවණ, මුහුදු ජලය, පිත්තල, කැරට් 18 රත්‍රන්. හා තෙල් වර්ග.
| උදාහරන:- බදාම,පස්,සලාද,සම්බල්,පාෂාණ.
|
වෙනත් මිශ්‍රන

රෑප.4.ටින්ඩොල් ආචරණය. කලිල Colloids | තෛලෝද emulsion | ද්‍රචයක විසිරීඇති අංශූන් අන්වීක්ෂයකට පවා නොපෙනේ. අංශූන් අාලෝකය විසුරුවන බැවන් පැහැදිලි නැත. උදාහරන:- මඩ වතුර, | ඳ්‍රචයන්ගෙන් සෑදෙන කලිලයකි. උදාහරන:- එමල්ෂන් තීන්න. කිරි, වෙඩරු. |
අසම ජාතීය මිශ්‍රණ. නම | සංයුතිය | වැඩි විස්තර | පස | වැලි, මැටි, කාබනික ද්‍රව්‍ය, ජලය, ලවණ හා වාතය | සංයුතිය විශාල වශයෙන් වෙනස් වේ. | මඩ වතුර | ජලය, මැටි | අණ්වීක්ෂයට අංශූන් පෙනයි. මැටි පතුලට බසී. |
|
|
|
සම ජාතීය මිශ්‍රණ. නම | සංයුතිය | විස්තර | විනාකිරි | ජලය. ඇසිටික් අම්ලය 4%.
| එකම ද්‍රව්‍යයක් ලෙස පෙනෙනන මුත් සාදන ක්‍රමය අනුව වෙනස් වේ. | පොල් තෙල්. (පිරිසිදු) | ලෝරික් අම්ලය45%. මිරිස්ටික් අම්ලය 18%. කැප්රිලික් අම්ලය 8%. | පැහැදිලියි, සාම්පල විවිධය. නිෂ්චිත තාපාංකයක් නැත. | පෙට්‍රල් | ප්‍රධාන වශයන්ම හිඩ්‍රො කාබන් C8H18 වන අතර රසායනික ද්‍රව්‍ය 100 කට වැඩිය තිබේ. | පැහැදිලිය, නියමිත තාපාංකයක් නැත. | පිත්තල | තුත්තනාගම් Zn,හා තඔCu. | මිශ්‍ර ලෝහයකි. විවිධ අනුපාත වලින් මිශ්‍ර කළ හැකිය.. | චාතය. | ජලය හා ධූවිලි වලට අමතරව මෙම වායු තිබේ. N2 - 78%. O2-21%, Ar- 1% CO2 -0.03% | සංයුතිය ස්වල්ප වශයෙන් වෙනස් වේ. | කිරි | ජලය=87.5% මේද.= 3.9% ප්රොටීන්. 3.4% ලැක්ටොස්. 4.8% ලවණ. 0.8% | පරිසිදු ද්‍රාවණයක් සුදු විය නොහැකිය.
|
ලෝහ මිශ්‍රණ. alloys.
මිශ්‍ර ලෝහය | අඩංගු ද්‍රව්‍ය | භාවිතය | රන් (කැරට්18) | 18 :6 Au : Cu | ආභරණ සදහා. | පිත්තල. | Cu-35%.Zn-65% | බඩු භාන්ඩ සදහා. | වානේ. මළනොබැදෙන | Cr-18%,Fe-80.6%,Ni 1% C 0.4% | ආම්පන්න, ගොඩ නැගිලි ආදියට. | ලෝකඩ | Cu-87.5% Sn-12.5% | ප්‍රතිමා සදහා. | ඇල්නිකෝ | Al, Ni සහ Co. | ස්ථාචර කාන්දම් වලට. | ඩුරාලුමින් | Cu, Mn, Fe, සහ Si. | අහස් යානා සෑදීමට. |
චෙනත් මිශ්‍රණ. නම | සංයුතිය. | චිස්තර | සබන් පෙණ. | ජලය+වාතය+සබන්. | බුබුළු පෙනේ. අර්ධ පාර ගම්‍ය ය. foam.
| දුමාරය. | වාතය, කබන්, ජලය හා තෙල් බිනදු. | සුදු,අළු හෝ කලු පැහැ ගනී. පරාන්ධය. arrosol. | තීන්ත |
|
|
වාතය. | එකම ද්‍රව්‍යයක් ලෙස ඇත. | සංඝටක අනුපාතය වෙනස් වේ. | සමජාතීය. | සායම් | අංශූන් නොපෙනේ. | පාර අන්ධය. අවලම්බනයකි. | කලිලයකි colloid. |
|
පරිසරයෙහි ඇති බොහොමයක්ම ද්‍රව්‍ය මිශ්‍රන වෙයි.
මිශ්‍රන හා පරිසිදු ද්‍රවඅතර ඇති පැහැදිලි වෙනස් කම් මෙහි දැක්වෙයි.
මිශ්‍රන | පරිසිදු ද්‍රව්‍ය. |
1.විවිධ අංශූන් වෙන්ව පෙනයි. | වෙනත් ද්‍රව්‍ය නොපෙනේ |
2.භෟෙෙතික ක්‍රම වලින් සංඝටක වෙන් කළ හැකිය. | සංයෝගයන් හි සංඝටක වෙන් කළ හැක්කේ රසායනික ප්‍රතික්‍රියා වලින් පමනි. |
3.සෑම නිධියකම සංඝටක අනුපාතය එක ලෙසම නොපවතී. | සෑම නිධියත්ම නියත අනුපාතයකින් යුක්තය. l |
4.නියත තාපාංකයක් හෝ ද්‍රවංකයක් නොමැත. | නියත තාපාංකයක් හා ද්‍රවංකයක් තිබේ. |
ද්‍රාවණ
ද්‍රවනය වී ඇති දේ නොපෙනෙයි.
එය තුලින් අාලෝක කිරණ අදිසිවම ඇදෙයි.(ටින්ඩෝල් සංචරනය)
වර්නවත් විය හැකිමුත් සුදු පාට විය නොහැක.
වාෂ්පීකරනයෙන් ඝන ද්‍රාව්‍යයන් අවශේෂ වෙයි
අාසවනයෙන් ද්‍රාවකය වෙන් කළ හැකිය.
මිශ්‍රණ විස්තර
අසම ජාතීය මිශ්‍රණ.
නම | සංයුතිය | වැඩි විස්තර |
පස | වැලි, මැටි, කාබනික ද්‍රව්‍ය, ජලය, ලවණ හා වාතය | සංයුතිය විශාල වශයෙන් වෙනස් වේ. |
චාතය. | ජලය හා ධූවිලි වලට අමතරව මෙම වායු තිබේ. N2 - 78%. O2-21%, Ar- 1% CO2 -0.03% | සංයුතිය ස්වල්ප වශයෙන් වෙනස් වේ. |
පිරිසිදු ද්‍රව්‍ය.
මේවා දෙවර්ගයකි. එනම් මූල ද්‍රව්‍ය හා සංයෝග ද්‍රව්‍ය වේ.
මූල ද්‍රව්‍ය
අාවර්තිතා වගුවෙහි සියල්ලම අඩංගු වේ. එක මූල ද්‍රව්‍යයක ඇති සියලුම පරමාණු එකම රසායනික ගුන පෙන්නුම් කරයි.
උදාහරන-කාබන්,ගෙන්දගම්, යකඩ, ක්ලෝරීන්.
සංයෝග.
මේවා මූල ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගනනක් රසායනිකව බද්ධ වීමෙන් සෑදෙන පරිසිදු ද්‍රව්‍ය වෙයි. මේවායෙහි අංශූන් අණු ලෙස හැදින්වෙයි.
උදාහරන- ජලය, ලුනු, කාබන් ඩයක්සයිඩ්,
මිශ්‍ර නොවී ඇති පිරිසිදු ද්‍රව්‍ය කිහිපයක්.
නම | සංයුතිය | විස්තර |
කාබන්(අඟුරු) | C පරමාණු පමනකි ඇත්තේ. මිනිරන් හා දියමන්ති ප්‍රබේද කිහිපයකි. | දහනයෙන් CO2 සෑදේ. මූල ද්‍රව්‍යයකි. |
හයිඩ්‍රජන් | Hපරමාණු පමනකි ඇත් තේ. විශ්වයේ ඇති කුඩාම පරමාණුවයි. | දහනයන් H2O, සාදයි. මූල ද්‍රව්‍යයකි. |
රත්තරන් | Au.පරමාණු පමනකි ඇතතේ | ඉතාමන් ස්ථායි, ලෝහ, මූල ද්‍රවයකි. ආභරණ සෑදීමට තඹ මිශ්‍ර කරති. |
ආසුත ජලය | H2O.මූල ද්‍රව්‍ය දෙකකි. හිඩ්‍රජන්, ඔක්සිජන්. | සංයෝගයකි. ද්‍රවාකය-0° තාපාංකය-100° |
මේස ලුණු. | NaCl.මූල ද්‍රව්‍ය දෙකකි. සෝඩියම් හා ක්ලොරීන්. | සංයෝගයකි. ද්‍රවාකය- 801° තාපාංකය-1413° |
මිශ්‍රණ වෙන් කරීමේ උපක්‍රම කිහිපයක්.
| |
1.පෑදීම හා බේරීම.(decanting). පස් හා ජලය මිශ්‍රණයක් පෑදීමට ඉඩ හැර මෙලෙස වෙන් කර ගත හැකිය. | 2.පෙරීම. ද්‍රවයක ඇති, අද්‍රාව්‍ය ඝන ද්‍රව්‍ය පෙරීමෙන් ඉවත් කළ හැකිය. |
3.වාෂ්පීකරණය. ඝන ද්‍රව මිශ්‍රනයක් රත් කිර්‍රීමේදී ද්‍රවය වාෂ්ප වී ඝන ද්‍රව්‍යය ඉතිරි වෙයි. |
4. ආසවනය.
|
 |
මුහුදු ජලය මිශ්‍රණය ලෙස ගතහොත් ලවණ වර්ග ඉතරි වී පිරිසිදු ජලය ඝනීභවනය වී බීකරයට ලැබෙ යි. තාපංකය වෙනස් මි්‍ශ්‍රිත ද්‍රව මෙම ක්‍රමයට වෙන් කර ගත හැකිය. එතිල් මද්‍යසාර තාපාංකය 78° ක් ද ජලයේ තාපාංකය 100° ක් ද බැවින් තනුක මද්‍යසාර සාන්ද්‍ර කිරීමට මෙම ක්‍රමය භාවිතා වෙයි.
| 5. වර්ණලේඛ ශිල්පය. මද්‍යසාර යේ තාපාංකය 78° ක් ද ජලයේ තාපාංකය 100° ක් ද බැවින් තනුක මද්‍යසාර සාන්ද්‍ර කිරීමට මෙම ක්‍රමය භාවිතා වෙයි. |
පලමු කොටස. බහුවරණ ප්‍රශ්ණ.
1 -5 ට නම් කර ඇති ද්‍රව්‍ය කවර ඝනයට අයත් ද?
1.මුහුදු ජලය. 2. බදාම. 3. සුදු සීනි. 4.පොල් තෙල්. 5.රුධිරය.
A-පිරිසිදු B-සම ජාතීය මිශ්‍රණ C- අසම ජාතීය මිශ්‍රණ D-කලිල ද්‍රාවණයකි.
6.-10 ට මේවා ලබාගැන්ම සදහා කවර උක්‍රමය සුදුසු ද?
6. පල්මාණික්කම් ද්‍රාවනයකින් පල්මාණික්කම් කැට.
7.දිය සායම් මිශ්‍රණයකින් වර්‍ණක.
8.මුහුදු ජලයෙන් බීමට සුදුසු ජලය.
9.පිටි හා ජලය මිශ්‍රණයකින් පිටි.
A-පෙරීම B-ආසවනය. C- වාෂ්පීකරණය. D-වර්‍ණලේඛනය.
10.
11.පිරිසිදු ද්‍රාවණයක තිබිය නොහැකි ලක්ෂණයකි.
A-පාර දෘශ්‍ය වීම. B-සුදු පැහැය. C- පෙරහන් කඩදාසියක් තුලින් යාම. D- නිල් වර්‍ණය.
ලකුණු 3×10=30.
දෙවන කොටස.
1.අංකයනට අනුව නම් කරන්න.


A. B.
ලකුණු 5+5=10
2. හරිද වැරදි ද?
1.ලේසර් කිරණයක් අදෘශ්‍යව පරිසිදු ද්‍රාවණයක් තුලින් යයි.
2.ජලයෙහි ඔක්සිජන් හා හයිඩ්‍රජන් ඇති නිසා එය මි්‍රශ්‍රණයකි.
3.කදුකරයේ ඇති වාතය පිරිසිදු ද්‍රව්‍යයකි.
4.කලිල ද්‍රාවණයක ඇති ඝන ද්‍රව්‍ය පතුලට නොබසී.
5.මත්ස්‍යයිනට ජලයේ සංයෝජනය වී ඇති ඔක්සිජන් ලබාගත හැකිය.
6. පිරිසිදු ද්‍රව්‍යයක නියමිත තාපාංකයක් තිබිය යුතුය.
7. “පිරිසිදු පොල් තෙල්”, යයි සදහන් සුපිරි කඩයක ඇති බෝතලයක පරිසිදු ද්‍රව්‍යයක් තිබිය යුතුය.
8. පිරිසිදු ද්‍රව්‍යයක එකම වර්ගයේ අණු හෝ පරමාණු තිබේ.
9. ලුණු පිරිසිදු බැවින් පරමාණු එක වර්ගයක් පමනක් තිබේ.
10. පල්මාණික්කම් ද්‍රවනය නිල් පාට බැවින් එය අසම ජාතී මිශ්‍රණයකි.
ලකුණු 3×10=30
3.
1 -8 දක්වා ඇති මිශ්‍රණ හදුනාගන්න.
මේ අතරේ පිලිතුරු:- සෝඩා, පල්මාණික්කම්, ලුනු,කාබන්,හුනු,ගෙන්දගම්, පස්, කොන්ඩිස්,
මිශ්‍රණය. | A පෙරීමෙන් එන ශේෂය/නිගමතය. | B. පෙරණය.. | C. වාෂ්පීකරනයේ ශේෂය.. |
1.අවර්ණ, පැහැදිලි | නැත. | පැහැදිලි අවර්ණ. | සුදු කුඩකි. |
2.කලුපැහැ. නොපැහැදිලි. | කලු කුඩක්, | පහැදිලි අවර්ණ. | නැත. |
3.සුදු නොපැහැදිලි | සුදු කුඩක්. | පැහැදිලි අවර්ණ. | සුදු කුඩකි. |
4.දුඹුරු,නොපැහැදිලි. | කැටිති හා සිහින් කුඩු. | පැහැදිලි අවර්ණ. | සුදට හුරු කුඩකි. |
5.කහ.නොපැහැදිලි. | කහ කුඩක්, | පැහැදිලි අවර්ණ. | කහ කුඩක්. |
6.තද දම්/ පැහැදිලි. | නැත. | පැහාදිලි දම් පැහැ. | තද පාට කුඩක්. |
7.පැහැදිලි නිල්. | නැත. | නිල්. | නිල් කැට. |
8.අවර්ණ,බුබුලු දමන. | නැත. | පැහැදිලි අවර්ණ. | නැත. |
ලකුණු 3×8=24
4.
බර කිරාගත් රන් මුද්දක් ,ගල් අල්ලා නැති, තනුක හයිඩ්‍රක්ලොරික් අම්ලයේ බහා තැබීමෙන් 5% කින් බර අඩු විය. පසුව අලුත් අම්ලයේ ගිල්වා තැබීමෙන් බර අඩු නොවීය.
නිගමනය තරන්න.
1.අම්ලයේ ලූ රන් පිටතට ගැනීමෙන් ඔක්සිකරනය වන බැවින් අම්ල සමග ක්‍රියා විරහිත වෙයි.
2.මුද්දෙ හි වූ රන් 5% අම්ලයෙහි ද්‍රාවණය වී ඇත.
3.මුද්දෙහි වූ රන් පිරිසිදු ද්‍රව්‍යයක් විය නහැක.
4.ආභරණ සාදන රන් ඉතාමත් පිරිසිදුය.
5.මුද්දෙහි රන් සමස්ථානික දෙකක් තිබෙන්නට ඇත.
ලකුණු 6.
විසදුම්
බහුවරන ප්‍රශ්ණ.
1-B, 2-C, 3-A,4-B,5-D, 6-C,7-D, 8-B, 9-A.10-B,
දෙවන කොටස.
1.0
A= 1-පෙරීම 2- පුනීලය.3-අවශේෂය.4-පරහන් කඩදාසිය.
5.- පෙරනය.
B= 1-ආසවනය. 2-උෂ්ණත්වමානය. 3-ජලය ඇතුලට, 4- ජලය පිටතට
5-ආසුතය.
2.0
හරි = 1,4,6,8.
වැරදි= 2,3,5,7,9.10.
3.0
1-ලුනු, 2-කාබන්,3-හුනු,4-පස්,5-ගෙන්දගම් 6-කොන්ඩිස්, 8.-සෝඩා.