මෙම පිටුව දිග හැරෙනුයේ වැදගත් නියමයන් 2 ක් මතය.
වායු පරිමාවන් මැණීමේදී ඉතාමත් ප්‍රවේසම් විය යුතු ය. එයට හේතුව උෂ්ණත්වය හෝ පීඩනය ස්වල්ප වශයෙන් වුව වෙනස් වූයේ නම් වායු පරිමාව විශාල වශයෙන් වෙනස් වන බැවිනි. විද්‍ය සම්මේලන මගින් මේ පිළිබඳව සම්මතකයක ට පැමින තිබේ.සම්මතයන්:-
නිදසුන් 1. මෙම සමීකරණ ය සලකන්න.
වායු පරිමාන වෙනස් වීම පිලිබදව නියමයන් 3 ක් තිබේ
නියත උෂ්ණත්වය යටතේකිසියම් වායු ස්කන්ධයක පීඩනය වැඩි කළහොත් එම ගුණයෙන්ම පරිමාව අඩු විය යුතු ය.
2. චාල්ස් ගේ නියමය. නියත පීඩනයක් යටතේ කිසියම් වායු ස්කන්ධයක නිරපේක්ෂ උෂ්ණත්වය වැඩි වන ගුණයෙන්ම පරිමාව ද වැඩිවිය යුතු ය.
නි.උෂ්ණත්වය යනු නිරපේක්ෂ උෂ්ණත්වය යි. ඉහත විස්තර කළ නියමයන් දෙකම මෙලෙස ඳැක් වේ.
නිදසුුන් 2 ස.උ.පී. වල දී වායු මවුලයක පරිමාව ලී.22.4කි. උෂ්ණත්වය 20℃ හා චා පීඩන 0.9 ක් වීමේ දී වායු මවුල පරිමාව සොයන්න. පළමුවෙන්ම සෙල්සියස් උෂ්ණත්වය නිරපේක්ෂ උෂ්ණත්වයට හැරවිය යුතු ය. 20℃= නිරපේක්ෂ උෂ්ණත්වය 273+20=293 K.
නිදසුන් 3. පොටැසියම් ග්‍රෑම් 1.6 ක් රත් කොට ඔක්සිජන් මි.ලී. 128 ලබා ගති. එවිට උෂ්ණත්වය 30° C ක් ද පීඩනය රස දිය 73.8 c.m.ක් ද විය. ස.උ.පී හිදී ඔක්සිජන් මවලයක පරිමාව සොයන්න. 2KMnO4 → K2MnO4 + MnO2 + O2 මවුල = 2 → 1 KMnO4 අණුක ස්කන්ධය= 39+65+64 =168 KMnO4 ග්‍රෑම් 168 ක් = ම.1. 1 ක් . = ම. 1/ 168 දෙන ලද ග්‍රෑම් 1.6 . = ම. (1 /168) × 1.6 = ම.0.009 (ස්ඵාත දෙකකට) = 0.01 mol. KMnO4 මවුල 1 කට ලැබෙන ඔක්සසිජන් = ම.½. . ම.0.01 කට . . = ම.0.005
ඳෙන ලද මි.ලී 128 O2 ම.0.005 ක උෂ්ණත්වය 30° C ක් ද පීඩනය රස දිය 73.8 c.m.ක් දවීමෙන් ලැබුනකි. ඔක්සිජන් මවුල 0.005 ක පරිමාව = ලීටර 128/ 1000 O2 . . 1 ක . . =0.128 /0.005 = 25.6 L. මෙය ස.උ.පී. වලට හැරවිය යුතුය.
පුහුණුව පිලිතුරු උදෙසා පිටුව හයිලයිට් කරන්න 1.0 ක්ලොරීන් වායුව පිලිබදවයි.
හයිඩ්රජන් වායුව හා ක්ලොරීන් වායුව වසන ලද කූටියක් තුළ සංයොජනය වීමෙන් හයිඩඩ්රජන් ක්ලොරයිඩ් වායුව සෑදීමේදී පීඩනයෙහි කවර වෙනසක් විය හැකි ද? පිලිතුර:- වෙනස් විය නොහේ. උෂ්ණත්ව වෙනසක් නොවේ යයි සලකන්න. ලකුණු 5×2 =102.0 කාබන් දහනය පිලිබදවයි. කාබන් මවුල 0.5 ක් වාතයේ දහනය කරන ලදි. C ඝන ද්‍රව්‍යයක් බැවින් එහි පරිමාව අදාල නැත. 2.1 මෙම වගුව පුරවන්න.
ලකුණු 4. 2.2 ස.උ.පී වල දී CO2 වායුවෙහි ඝනත්වය සොයන්න. මවුලයක ස්කන්ධය= 44g. මවලයක පරිමාව = 22.4 L ඝනත්වය = 44g/22.4L = 1.96 g/L. ලකුණු 6. 3.0 නයිට්රජන් හා ඔක්සිජන් විවිධ ආකාරයෙන් එකතු වෙයි. 3.1 චගුවෙහි නයිට්රජන් මවුල එකකට සැදෙන ඔකසයිඩ මවුල සංඛ්‍යාව හා ස.උ.පී. වලදී සැදෙන ඔකසයිඩ පරිමාව දක්වන්න.
ලකුණු 4×2=8 3.2 නයිට්රජන් ඔක්සයිඩ හතරෙන් වැඩිම ඝනත්වයක් ඇති වායුවෙහි ඝනත්ටය සොයන්න. 4.0 වායු මවුලය ක පරිමාව ලී.25 ක්ව තිබිය දී ඇමෝනියා ලී. 5 ක් හා හයිඩ්රජන් ක්ලොරයිඩ් ලී. 5 ක් මිශ්‍ර කරන ලදි.
ජල වාෂ්ප තොර සාමාන්‍ය වාතයේ සංයුතිය මෙසේය. N2= 79%, O2= 20%, Ar=1.0 % . වාතයේ ඝනත්වය සොයන්න.
ලකුණු 10 6.0 ඔක්සිජන් ජලවිස්ඵාපන ක්‍රමයෙන් එකතු කරන ලඳි. උෂ්ණත්වය 27°C ක් ද, පීඩනය Hg.m.m 760ක් ද විය. එකතු කළ ඔක්සිජන් පරිමාව 0.5L . මෙම පරිමාව ස.උ.පී. හි දී කීය ද? (27C දී සන්තෘප්ත ජල වාෂ්ප පීඩනය Hg.m.m 26 කි.) වා.පීඩනයෙන් ජල වාෂ්ප පීඩනය අඩු කළ යුතු ය. P2V2 = P1 V1 . T2 T1 760 x V2 = (760- 26) X 0.5 273 273+ 27 V2 = 734 X 0.5x273 = 0.439 L. 300x760 ලකුණු 10. 7.0 රබර් බැලූනයක හා 0°.C ඳී හයිඩ්රජන් පිරවීමෙන් අැතුලත පීඩනය වා.ගෝ. 1.5 ක් වේ. වා. ගෝල1ක පීඩනයේ දී එහි පරිමාව ලී. 10 කි. හයිඩ්රජන් නිපදවන ප්‍රතික්‍රියාව:- 7.1 අවෂ්‍ය හයිඩ්රජන් පරිමාව, ස.උ.පී. යටතේ කීය ද? =
V 2 = (P1 x V1)÷P2 V 2= 1.5×10÷1=15 L. ලකුණු 4
7.2 එය හයිඩ්රජන් මවුල කීයක් ද? =15/22.4 =0.67mol. ලකුණු 2 7.3 මෙම වගුව පුරවන්න.
8.0 පාෂාණ සාම්පලයකින් ග්‍රෑම් 10 ක් ගමෙ ම.0.1 ක් ඇති HCl තනුක අම්ල මි.ලී. 100 කට ඳමන ලදි.පිට වූ කාබන් ඩයොක්සයිඩ් රසදිය විස්ඵාපනයෙන් රැස් කර අැත. ඳ්රෝණිකාවේ රසඳිය මට්ටමට වඩා සෙ.මී. 4 ක් ඉහලින් වායු ශරාවේ මට්ටම විය. ශරාවහි වායු පරිමාව මි.ලී.779.5 ක් විය. චායු ගෝල පීඩනය =76 cm, උෂ්ණත්වය =27° C. මේවා සොයාගන්න.
9.0
5 |
Chemistry >