සිංහල.‎ > ‎

මගේ අයැදුම

posted Oct 29, 2022, 2:26 AM by Upali Salpadoru

 

කලුවර වැටෙන්නේ භවස හතරට

සීතල දැනේ අත පය ගැභෙන්නට

ටක ටක ගා වැටෙන්නේ අය්ස් කැට

ගිනි තපිනවා මිස බැහැ නිදන්නට

 

කුකුළන් නැතිය අලුයම භඩලන්නේ

මැලි කමටය් ගුලි වී නිදියන්නේ

දහයෙන් පසුවය් ඉර පායන්නේ

කොභොම  වැඩ පලක් කරන්නේ

 

සමහර ගස් ඇතිය ඇට සැකිළි වෙලා

මීමැසි සමණළුනට නැහැ මල් පිපිලා

සියොතුන් සරය් කුස ගිනි දැනිලා

බත් උළු දෙන්න, බත නැහැ පැහිලා.

 

අසල්වැසි ඇසුර තරමක් සීමිතය

සැප තිබුනට මට නැහැ මගෙ ජීවිතය

ඉවසිය නොභේ සුළගේ පීඩනය 

නිරතුරුවම එන්නෙ මී දුම් දුමාරය.

 

කම්පනයෙනි ගේ දොර දෙදරන්නේ

උතුරන වතුරය් පොළවෙන් එන්නේ

හිතුනොත් මා ලංකාවට යන්නේ  

පූරුවෙ පවකටය් අප මෙහි ඉන්නේ.

 

Comments