සිංහල.‎ > ‎

සත්‍යය සහ මුසාව.

posted Nov 25, 2020, 2:57 PM by Upali Salpadoru

සත්‍යය  සහ මුසාව

      එක්තරා දේශපාලනඥයෙක් බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට මෙසේ පැවසී ය. "කිසිම දවසක මා බොරුවක් කියා නැත" පිළිතුර වූයේ  "මහත්මයා ගේ ලොකුම බොරුව තමා එය". 

අප වලක්වා ගැනීමට උත්සාහ දරන 'බොරුව' හෙවත් 'මුලාව'   සලකා බලමු. එය සත‍‍්‍යක්  නොවන ප‍්‍ර‍කාෂයක් විය යුතු ය. එහෙය්න් සත‍‍්‍යය විග‍්‍ර‍හ කිරීමෙන් මුසාව ගැන අවබෝධයක් ලබා ගැනීම පහසු ය.

සත්‍යයක් කෙසේ හදුනා ගත හැකි ද ? කිසියම් සිද්ධියක් සත්‍යයක් වීමට ප‍‍්‍රබල සාධක තිබිය  යුතුය. මෙම උදාහරණය සලකන්න. අම්මා පොතක් බලන අතර නිමාලි මෙලෙස පැවසී ය. "අම්මා අත පොතක් ඇත" නිමාලි සියැසින් ම සීද්ධි ය දැක ඇත්නම් එය සත්‍ය‍යක් විය යුතු ය. නිමාලි කීවේ මෙලෙස නම් "අම්මා පොත කීයවය්".  මෙය ද සත්‍යයක් ලෙස සමහරු සලකති. එහෙත් එය වැරදි ය. අම්මා පොත දෙස බලා සිටිනවා නිමාලී සියැසින් ම දුටුවා විය හැකි ය. එහෙත් අම්මා කියවන්නේ නැතිව පොත දෙස බලා සිටියා විය භැකි ය. 

අසත්‍ය ප‍‍්‍රකාෂ සාමන්‍යයෙන් අයහපත් ප‍්‍ර‍තිඵල දෙන නමුත් දෙපාර්ශයට ම,  එනම් කියන්නා ට හා අසන්නට , ගුණදායී අවස්ථා ද එමට තිබේ.

සිරියාවතී ගේ මවගේ මරණය ඇයට පවසන්නේ කෙසේ ද ? හෙණ ගෙඩියක් ලෙස එය නොකියා " අම්මා ට තරමක් අසනීපය්" වැනි බොරුවක් කියා ඇය කැදවනු ඇත. මෙය මුසාවක් නොවන සම්‍යක් ප‍්‍රලාපයකි.

සුනිල් වනාහී සිරිමාන‍්‍න මභත්මියගේ ශිෂ්‍යයෙකි. චිත‍්‍ර  ඇඳීමට හැර අන් කවර විශයකටවත්    ඹහු ගේ  උනන්දුවක් නොවීය. ඹහු අදින රූප පවා කටුගෑමක්පමණි. . එහෙත් ගුරුතුමිය කියනුයේ "මට හරි සතුටුය් පුතා. ඹයාගෙ චිත්‍රය හරිම ලස්සනය්." මෙවදන මුසාවකි. එහෙත් එය දරුවා දිරිගැන්වීම උදෙසා ගත් පියවරක් බැවින් එය භොද බොරුවකි.

ධනුසිංහ මහතා 2019 දී නවසීලන්තයට පැමිණ ඇත. " මම, පාතරට කෙල්ළක් අවාහ කරගෙන ඇති  මුත්,  උපතින් උඩරැටියෙක්මි. මා නවසීලන්තයේ රක්‍ෂාවක් සෙව්ව ද ලංකාවේ ලීවර් සමාගමේ ස්ථීර සේවකයෙකි." ඹහු ගැන දැන සිටි මා මිතුරෙකු     කීවේ "ධනුසිංහ මහතා ඉපිද ඇත්තේ  ලංකාවේ දකුණු කෙළවර දෙවුන්දර තුඩුවේ ය.ලංකාවේ ඹහුගේ රැකියාව නැති වෙලා ලු" ධනුසිංහ මහතා සත්‍යය සගවා කටමැත දොඩවා තිබේ. එය ඹහුගේ හීනමානය නිසා ඇති වූ කටමැත දෙඩීමක් විනා අන් අයට වින කිරීමේ ඡේථනාවෙන් කළ දෙයක් නොවේ. 

නක්ශත්‍ර   කරුවෙක් භදභනක් පරීක්‍ෂා කරමින් මෙසේ පැවසී ය. "මෙය හිමිකරු ට ඒකාන්තයෙන්ම ලොතරෑය් දිනුමක් ඇදෙනු ඇත." පැරණි පුස් කොළයක මෙතරම් දැනුම් සම්භාරයක් අන්තර්ගත කිරීමට කිසිම උපක්‍රමයක්  මිහිපිට නැත.  "වාසනා කාලයක් උදා වන්නේ ය." වැනි අනාවැකියක් කළේනම්, එය ග්‍රහ  පිහිටීම අනුව කළ දෙයක් ලෙස සැලකීමට පුලුවන. මෙහී දී ඹහුගේ විග්‍රහය  සේවාදායකයා සැනසීමට යොදාග ත් මුසාවකි.

පියල් පාසැලේ දී සුගත් සමග පොරයක පැටලුනි. ඹහු අම්මාට කීවේ " මා ගෙදර එන අතර පය ලිස්සා වැටුනා" යනුවෙනි. පියල් කියන ලද්දේ බොරැවකි එහෙත් එය දධුවමින් බේරීම සදහා කරන ලද්දක් මිස කිසිවෙකුටවත් නපුරක් වන්නක් නොවේ.

පටුවත අප නිවස ඉදිරියේ විශාල බෝධි වෘක්‍යෂයක් තිබින. සීයා අපට පැවසුවේ,  එය දෙවිවරුන්ගේ වාසස්ථානයක් බවය. ඹහුගේ විශ්වාසය පදනම් වූයේ ඇසින් දුටු සාක්‍ෂියක් මත ය. එක් කලුවර රාත්‍රියක අපි එම වෘක්‍ෂය දෙස සුපරික්‍ෂාවෙන් බලා සිටියෙමු. අති දීප්තිමත් එළියක් ඈත නුග ගසක සිට බෝගසට සම්ප්‍රාර්ථ වනු අපට දිස්විය. මෙම සංසිද්ධිය පිටුපස ගුප්ත දේව බලයක් ඇති බැව් සීයා විශ්වාස කළේය. ඹහුට එය පරම සත්‍යයක් විය. එභෙත් ඹහු රැවටී ඇති බැව් ද එය මුසාවක් බැව් ද දැන් අපි දනිමු. ගසකින් ගසකට යන එලියක් ලෙස දිස් වන්නට ඇත්තේ උල්කාපාතයක් විය හැකි ය. බෝ ගසෙහි දෙවියන් සිටීම ගම්මුන් ගේ විශ්වාසයක් මිස සත්‍ය ප්‍රකාශයක් නොවේ.

සිල්වා තරුණ මහතා  ජ්‍යොතිෂය ට අනුව දෙනු ලබන අනාවැකි යකට අනුව උතුර බලා දකුණු පය පෙරට ගෙන ගමනාරම්භයෙන් ඹහු ගේ අභිතමාර්ථය  ඉටුවන බැව් අදහන්නේ ය. මෙය අනුමානයක් මිස සත්‍යයක් නොවේ. පුරාණ ග්‍රන්තයන්හි දැක්වෙන කරුණු, නොයෙකුත් ඇදහිලි ආදිය මෙම ගනයට අයත් වෙය්.


Comments