සිංහල.‎ > ‎

ප්‍රවෘත්ති හා ප්‍රලාප.

posted Dec 3, 2020, 4:33 PM by Upali Salpadoru

ප්‍රවෘත්ති හා  ප්‍රලාප

 ‘ප්‍රලාප’ නැතහොත් ‘ඕපාදූප’ යනු කවරේ ද? ඒවා කාලය කා දැමීමට කෙරෙන නිකමුන් ගේ අල්ලාප සල්ලාප ලෙස හදුන්වනු ලැබේ. කිසියම් පිරිසක් කතාබහක යෙදී සිටීනම් ඹවුන් සතුටු සාමීචියක ද  නැතිනම් ඕපාදූපයෙහි  ද යන්න නිෂ්චය කළ හැකි  ද ?  .අප ද නිරතුරුව භාවිතා කරන මෙම සංවාද තරමක් සවිස්තරව සලකා බලමු.. 

බොහෝ විට ප්‍රවෘත්ති වශයෙන් සලකනු ලබන්නේ විද්‍යුත් හා මුද්‍රණ මාධ්‍ය වලින් කෙරෙන නිවේදන වලට පමණි. මෙම ප්‍රධාන  මාධ්‍යයන් සෑම අවස්ථාවකදීම සත්‍යවාදී  වන්නට උත්සාහ කරති. එසේ නොකළහොත් ඹවුන් අපකීර්තියට  මෙන්ම නීතිමය ගැටළු  වලට ද පැටලෙන්නට  ඉඪ තිබෙන බැවිනි.

සාමාන්‍යයෙන්  ප්‍රවෘත්ති දේශීය හා විදේශීය ලෙස වර්ග කෙරේ. ලෝක සෞඛ්‍යය සංවිධානය මගින් කෝවිඪ් 19 පිළිබදව කෙරෙන  නිවේදනයක් විශ්ව  ප්‍රකාශයක් වන අතර නවසීලන්තයේ ජනමත විමසීමක් දේශීය පුවතකි. මෙම වරගීකරණය ප‍්‍රාදේශීය  නාගරික හෝ ග්‍රාමීය වශයෙන් ඇදී, අප අසලින්ම ඇතිවුනට කේන්ඳ්‍රගත වෙයි. ඹවුන් පිළිබදව කෙරෙන කතාබහ ‘ප්‍රලාප’ නැතහොත් ‘ඕපාදූප’ ගණයට වැටෙන බැව් ඇසීම ඹබ මවිතයට පත් කළ හැකිය.

ඕපාදූප ගැන ප්‍රායෝගික  කෝණයකින් සිතමු.  "කාර්‍යාලයක   අධ්‍යක්‍ෂ, සිම්සන් මහතා  ඹභුගේ පුද්ගලික ලේකම්වරිය වන රෝසී රත්නායක සමග රාත්‍රී  සාදයකට ගොස් තිබේ." මෙහි සත්‍යතාවය අවිනිෂ්චිත මුත් එය නිසැකවම ප්‍රලාපයක් නොහොත් ඕපාදූපයකි. සමාජයෙහි මෙය පැවසීම, වවේචනය සාපරාදී ක්‍රියාවකි .නොබෝදිනකට පසුව සිම්සන් මහතා රෝසී රත්නායක මෙනෙවිය සරණපාවාගති. මොවුනට ආශීර්වාද කිරීමේ සැලසුම් පිළිබදව කෙරෙන කතාබස් ප්‍රලාප ලෙස සලකනු නොලැබේ. ප්‍රලාපයක් වූ සිද්ධියකක් නීතිගත කිරීමෙන් ප්‍රවෘතියක් වී තිබේ. සමහර තොරතුරු පුද්ගලික වූවද ඒවා නෑදෑ හිතමිතුරන් අතරට යැවීම හිතකර ය. 

ඕනෑම මිනිස් සමාජයක අන්තර් සබතතාවනට මූලිකවම සාධක වනුයේ වාග් හුවමාරුවයි නැතහොත් ඕපාදුපයයි. මෙය නතර කිරීම නුසුදුය; එමෙන්ම කළ නොහැකි ය. කතාබහින් අදහස් හා දැනුම බෙදාගැනීම මිනිස් වර්ගයා සතු විශිෂ්ඨ දක්‍ෂතාවයකි. කතන්තර ඇසීමට  හා ප්‍රබන්ද  කියවීමට ඇති ඉමහත් ආශාව ඕපාදූපනයනට ඇති කැමැත්තට සමාන ය.  එහෙත් කිසිවෙකුත් මෙම ක්‍රියාවන්හි දොසක් දකින්නේ නැත.

වැදගත් පුද්ගලයින්ගේ,  ආයතන, සභ සංවිධානයනයන් ගේ කීර්ති නාමයට ප්‍රලාප බලවත් හානි    සිදුකළ හැකි ය. එහෙත් ප්‍රලාප සමාජයට හිතකර අවස්ථා තිබේ. 

එක්තරා ගමක තරුණ වෛද්‍යවරයෙක්  රෝගී වූ ගමේ ප්‍රභූවරයෙකුගේ  බිරිදක් සමග අයුතු ඇසුරකට පෙළබින. ඕපාදූප ක්‍රමයට  සිද්ධිය ගමපුරා පැතිරින.  නොබෝදිනකින්ම කැළෑ පත්තර හා කවිකොල බිහි වීමෙන් වෛද්‍යවරයා ගමහැර ගෑයේ ය. ඔහුට අවැඪක් වූවද ගමට වූයේ සෙතකි.

සමාජ දූෂකයිනට දඪුවම් දෙන මෙයට සමාන ක්‍රමයක්  නයිජීරියාවෙහි ද තිබේ. හදුනාගත ොහැකි ලෙස වෙස්වලාගත් කිහිපදෙනෙක් බෙර වයමින්, නටමින් පෙරහැරකින් යයි. මෙහි නායකයා චූදිතයින් කරා ගොස් ඔහුට උසුලු විසුලු කොට සමහර අවස්ථාවන්හි දී කෝටුවකින් තලයි.

විශේෂයෙන් ම ගම්බදව ඕපාදූප පැතිරෙනුයේ මුහුණ ලා කෙරෙන කතාබහෙනි. මෙම ක්‍රමයට  ආරංචියක විකෘතිය ,   ගතවන කාලයට සාපේක්ෂකව ඉතාමත් අධික ය. කටින්කට යෑමෙන් තොරව දුරකථනයෙන්, මුහුණු පොතීන් වැනි අන්තර්ජාලය ඹස්සේ ලැබෙන ඕපාදූප බොහෝදුරට සත්‍ය විය හැකි ය.

සමහර ප්‍රලාප හිතකර හෝ අහිතකර ලෙස වෙන්කිරීමට පුළුවන. ඒ උදෙසා අප ගන්නා උත්සාහයකි මේ.


හිතකර

සාමාන්‍යය 

අහිතකර

ආශිංශණ.

“ඹබ අදහස ඉටු වේවා”

අගැයීම්.

“ඹබගේ සමාර්තය ඉතා විශිෂ්ඨ ය”.

සානුකම්පිත

“අයේෂා ට පිළිකාවකි. ඇය නීරෝගි වෙත්වා.”.

නිවේදන.

“හෙට උදේට සුළි සුලගක් එනවා

ආචාර හා පැතුම්.

”ආයුබෝවන්”.

”කෙසේ ද සැපසනීප ?”

පරිසරය.

“අද හරි සීතල දවසක්”.

විවේචන.

“චීනාගේ ටෙලිනාට්‍ය රංගනය හරිම හාස්‍ය ජනකයි.”


ඊර්‍ෂ්‍යා ගත

“සභාපති තුමාගෙ නෝන උඪින් යන්නෙ”.

කේලම් කීම.   

“මැගිලින්කිව්ව් ඹයා හරි දුෂ්ට එකියක් කියල"

 භිතවතුන් ගේ රහස්  අනාවරණය.

සිරියාවතී කියන්නෙ මහත්තය සලකන්නෙ නැහැ කියල.


Comments