Science‎ > ‎

බලය- හැදින්වීම.

posted May 13, 2018, 6:58 PM by Upali Salpadoru   [ updated May 19, 2018, 11:03 PM ]

Forces - intro…




රූප1. හ‍ෙ න්රි මහතා වැර යොදා රථය දකුණට තල්ලුකරයි.

'තල්ලුව' (1) නම් බලය යොදන අවස්ථාවකි. බලයට දිශාවක් තිබේ.

එබැවින් බලය වනාහී දයිශික රාශියකි.


pull.jpg

රූප2. අක්ක නගෝ වලිය කි.

හේමා වමට අදියි(2)  දයා දකුණට අදියි. කවුරු දිනයි ද?

වැඩි බලයක් යෙදුව තැනැත්තා ජය ගනු ඇත.

.බලයකට ප්‍රමාණයක් තිබේ.

බලය යනු ශක්තිය නොවේ ; එසේ නම් බලය නම් කුමක් ද?

‘බලය’ සාමාන්‍යයෙන් අර්ථ දක්වනු ලබන්නේ නිව්ටන් ගේ දෙවන නියමය උපයෝගි කරගෙන ය.

“ කිසියම් ස්කන්ධයකට ප්‍රවේගයෙහි වෙනසක් ඇති කළ හැක්කේ බලයකට පමනි .”

"’ස්කන්ධය’, නම් කිමෙක් ද?

ඔිනෑම වස්තුවක හෝ පදාර්ථයක ‘ස්කන්ධයක්‘ තිබේ. එය මනිණු යේ ‘ග්‍රෑම්’ හෝ ‘කිලෝ ග්‍රෑම්’ වලිනි.

රූප2හි දෙපසට ඇති බලයන් සමාන වුවහොත් චලනයක් දිස්විය නොහැකියි, නමුත් කඹයෙහි ඇදීමක් ඇති වෙයි. ‍මේ වැනි බලයකට ආතතිය (3)යනුවෙන් ව්‍යවහාර කෙරේ.     

ප්‍රතිරෝධය.

                     ඇදීම හා තල්ලුව අපගේ හෝ සතෙකුගේ මාංශ පේශීන්

ගෙන් ඇති වෙයි,  මේ හැර තවත් බල විශේෂ තිබේ ද? ප්‍රතික්‍රියක බල (4)“ඔිනෑම ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් ඇත “, යනු නිව්ටන් ගේ තුන් වන නියමය යි.

රූප 3. ප්‍රතික්‍රියක බලයන් සමහරක් මෙසේ ය.


pup.jpg T බලු පැටියා මේසය මතට බලයක් දෙයි, එහෙත් චලනයක් නැත.

එයට හේතුව මේසය ද ඉහලට බලයක් දීමයි.

මේ ඉසිලුම් බලයයි.

(support force)

මිනිසා ගස අදින විට ගසද මිනිසා අදියි.

හේලිකොප්ටරය මිනිසා එසවීමේ දී මිනිසා ද පහලට බලයක් ඇති කරයි.


බලය මැණීම.

දුනු තරාදියකින් බලය මැණීමට පුළුවන. ග්‍රෑම් 100 ක බරක් නිව්ටන් එකකි

නිව්ටන් බර මැණීමට උපකරනයක් සකස් කර ගත හැකි අයුරු

මෙහි දැක්වෙයි.




යන්ත්‍රානුසාර යෙන් ලැබෙන තල්ලු බලයකට ‘තෙරපුම’ (5) (thrust) කියත හැකි ය.

රූප.4 .නම් කර නොමැති බලය කුමක් විය හැකි ද?

ඝර්ෂණය

මෙය ද එකතරා ප්‍රතිරෝධයකි.

වස්තුවක චලනයට ප්‍රතිවිරුද්ධ බලයන ට ඝර්ෂණය(6) යන වචනය යොදනු ලැබේ.

මෙය ගැටීමක් නිසා ඇති වන්නකි. ඝර්ෂණය චලනයට අහිතකර මෙන්ම හිතකර ලෙස ද ක්‍රියා කරන අවස්ථා තිබේ.

ඝර්ෂණ බලය තිබෙනුයේ චලනය වන දිශාවට විරුද්ධ දිශාවට ය. බයිසිකලයක් ඉදිරිය ට යන විට ඝර්ෂණ බලය පස්සට ඇදිය  යුතු ය. එ් අනුව ටයරය හා පාර අතර ඝර් ෂණය අඩු කළ යුතු ද?
ටයර සාදනුයේ ඝර්ෂණය උපරිම වන අන්දමට ය. ඝර්ෂණය අධික ද්‍රව්‍යයක් වන රබර් යොදාගනිමින් නොයෙක් ආකාරයට කට්ට කපා ටයර නිපදව
යි.

මෙය විද්‍ර්‍යාවේ ඝර්ෂණ නියමයනට පටහැනි ද?


රූප.5.දක්ශිනාවර්තව කැරකෙන රෝදයක්.  

රෝදය කරකැවීමේදී කුමන දිශාවකටවත් චලනය විය හැකි බලයක් උපදින්නේ නැත. අංක 3 පෙන්වන පරිදි ටයරය වමට යාමට උතසාහ කරනමුත් පාර සමග ගැටීම නිසා , එසේ කිරීමට අපොහසත් වෙයි.මෙහි ප්‍රතිපලයක් ලෙස අංක 2.ස්ථානය පහලට එන විට රෝදය ඉදිරියට යයි.

අංක.3.ස්ථානය වමට යන බැවින් ඝර්ෂණ ය ප්‍රතිවිරුද්ධ දිශාවට බලපාන අයුරු රතු ඊ තලයෙන් පෙන්වයි.

රෝද කරකැවීමෙන් ධාවනය වන රථයක් ඉදිරියට ඇදෙන්නේ පාර හා රෝද අතර ඇති වන ඝර්ෂණ බලය නිසා ය.

 ජල හා වායු ප්‍රතිරෝ ධ.

 ජලයේ ගමන් කරන දෙයකට ජල අණු මාර්ගයනේ ඉවත් කර ගැනීමට සිදු වෙයි. වේගයෙන් යන බයිසිකල් කරුවෙකුට ශරීරයේ ඉදිරිපසට වදින නයිට්‍රජන්, ඔක්සිජන් , ධූවිලි අංශූන් මහත් හිරිහැරයකි. මෙය තරල ඝර්ෂණය යි.




පුදුම බලයන්.

 සමහර අවස්ථාවන් හි දී,  වස්තූන් අතර කිසිම බන්ධනයක් .නොමැතිව එකිනෙකට ලං වීමක් හෝ දුරස් වීමක් සිදු වෙයි. වස්තූන් අතර ඇතිවන ඇදීමේ බලයන් ආකර්ෂණ ය ලෙසද, ඈත් වීමේ බලයන් විකර්ෂණ ය ලෙසද හැදින් වේ.

  ම‍ෙම සිදුවීම් තවම අභි රහසකි.


1.ගුරුත්වාකර්ෂණ ය.

අප අතහරින දෙයක් පොලෝ තලයට වැටෙනු ඇත. මෙම ඇදගන්නා බලයට බර යනුවෙන් ද ව්‍යවහාර කෙරේ. මෙම බලය පොලොවට පමනක් සීමා වූවක් නොවේ. සූර්යයා අපට කි.මී. මිලියන 15 කට අධික වුවත් පෘථිවිය අදිසි අයුරෙන් රදවාගෙන සිටී. ඔිනෑම වස්තූන් දෙකක් අතර අාකරෂණ බලය පවතින බැව් අයිසැක් නිව්ටන් මෙලෙස පෙන්වා දී තිබේ.

වස්තූන් දෙකක් අතර ආකර් ෂණය, වස්තූන් දෙකෙහි ගුණාකාරයට අනුලෝම සමානුපාත වන අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝම සමානුපාතික ය.

       F   ∝ Mxm / d 2

වස්තුවක බර යනු එය ට පෘථිවි මාධ්‍යයට යෙදෙන අාකර්ෂණ බලය යි.

2. චුම්බක ආකර්ෂණ ය.

දඩු කාන්දම් දෙකක් බැටරි කෑලි මත තිබේ පලමු වැන්නෙහි  උතුර හා දකුණ ලං කර ඇත. අසමාන අග්‍ර අතර අාකර්ෂණයක් හටගනී. උතුර, උතුර හෝ දකුණ, දකුණ ලං කළහොත් සිදු වන දේ බලන්න.

       ස්ථිති විද්යුත් බලය   

පනාවක් ගනෙ කිහිප වරක් හිස පීරන්න. පතාවේ හෝ හිසෙහි තෙතමනය නොමැති විය යුතු ය.

comb.jpg

පනාව ඉතා කුඩා කඩදාසි ඉහලින් තබන්න.

කුමක් ද ඔබගේ නිරීක් ෂණ ය?


පනාවෙන් වියලි කෙස් වැනි දේ සමග ගැටීමේ දී කෙස් අණු වල තිබෙන්නා වූ ඉලෙක්ට්‍රොණ කිහපයක් පනාවට ඇදෙයි. මෙයින් පනාවෙහි ඇති වන සෘණ ආරොපනයක් හටගනී. මෙම විද්යුත් බලය නිසා උදාසීන හා ධන ආරෝපිත වස්තූන් ආකර්ෂණය කරයි.

E charges.jpg

සමාන ආරෝපන ඇති වස්තු එකිනෙකට ආකර්ෂණය කරන අතර අසමාන අාරෝපන ඇති වා විකර්ෂණය කරයි. උදාසීන වස්තූන් ඔිනෑම ආරේපනයකට ඇදෙයි.

බලය මැනීම

මුලින්ම ගැලීලියෝ බලය හදුනාගෙන වැදගත් නිදර්ෂණ ඉදරිපත් කළ නමුත් එය අර්ථ දැක්විය හැකි අන්දමකට ගණිතමය සංකල්ප ඉදිරිපත් කරන ලද්දේ ශ්‍රීමත් අයිසැක් නව්ටන් ය. එයට ගරු කිරීමක් වශයෙන් බලය මනින එ්කක ය නිව්ටන් ලෙස නම්කර තිබේ.

නිව්ටන්ගේ දෙවන නියමය.

බලය = සකන්ධය x ත්වරණය. (ප්‍රවේගය වෙනස් වන වේග ය)

          N = m x a

ඔිනෑම භාෂාවකින් බලයනට විවිධ නම් තිබේ.

උදාහරණ:-

      අ = ඇදීම.    ඉ= ඉරීම. උ = උඩපැනීම.  

      එ = එසවීම,   ක = කැපීම.

අනෙක් අකුරු වලින් ද විවිධ බලයන් සොයන්න.

.













































Comments