Science‎ > ‎

විදුලියේ කතාව.

posted Aug 11, 2017, 9:34 PM by Upali Salpadoru


Kite.png

රූප 1.  සරුංගලයකින් කළ පරීක්ෂණය.


විදුලි කෙටීම් හා හෙන වැදීම මිනිස් වර්ගයාගේ විමතියට මුල සිටම භාජනය වූ සංසිද්ධියකි. ඇමරිකානු බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් (1706-1790) මෙය අනාවරනය උදෙසා වැදගත්, අනතුරුදායි පරීක්ෂණයක් කලේය. ඔහු වැහි වලාවකට සරුංගලයක් යවා ප්‍රබල විදුලි පුලිඟුවක් ලබාගති. ක්‍රි.පූ.600 දී ග්‍රීසියේ තේල්ස් නම් ගණිත විද්‍යාඥයා ඇම්බර් නම් දුම්මල වර්ගය ලෝම කඩකින් පිරිමැදීමෙන් ලබාගත් ආරෝපනයට සමාන ආරෝපනයක්  වැහි වලාවන් වලද ඇති බව බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් ප‍ෙන්වීය.


ඉතාලියේ බොලෝනා සරසවියෙහි ජීවවිද්‍යාආචාර්ය වරයෙකු වූ ලුයුගී ගැල්වානී, 1780 දී  අහම්බෙන් රසායන ශක්තියෙන් විද්යුතය ලබාගන්නාලදි. ගෙබි කකුලක පේශියක් තුලට යවන ලද වානේ කූරක් වෙනත් ලෝහයක ස්පර්ෂ වීමෙන් මලගිය සත්වයාගේ කකුල තිගැස්සුනි.

බාහිර විද්යුත් සැරයකින් මෙවැන්නක් කළ හැකි බැව් ඔහු දැන සිටියද පේශියෙන් විදුලිය උත්පාදනය‍ෙන් ඔහු මවිතයට පත් විය. එම විදුලිය, ඔහු විසින් ‘සත්ව විදුලිය’ ලෙස නම් කරනු ලැබීය    

ඉහත සොයාගුනීමෙන් නියම පලක් ගත හැකි වූයේ අලිසන්ද්‍රො වෝල්ටාට ය. ඇත්තටම විදුලිය ජනිත වන්නේ සත්ව පේශියකින් ද නැතහොත් ලෝහවර්ග නිසාද යන්න සෙවීමට  ඹහු පරීක්ෂණ ඇරඹීය.

මෙම ප්‍රයත්නය අවසන් වූයේ ලෝහයක් වැය කොට අඛන්ඩ විද්යුත් ධාරාවක් ලබාගත හැකි උපක්‍රමයක් සොයා ගැනීමෙනි.

කොෂය.png

 රූප.2. වෝල්ටා නිපද වූ කෝෂයේ සැලැස්ම.

පලමු බටරිය නිපද වූ වෝල්ටා වශ්ව කීර්තියට භාජනය විය. සියළුම ගෞරවයනට වඩා වැදගත් වූයේ විද්යුත් පීඩනය මනින එ්කකය ‘වෝල්ට්’, යනුවෙන් නම් කිරීමයි.

 

මී ලග සන්ධි ස්ථානය වූයේ විද්යුත් ධරාවකින් ඇතිවන චුම්භක ක්ෂේත්‍රය සොයාගැනීමයි.ඩ‍ෙන්මාර්ක් ජාතික හෙැන්ස් 1820 දී ක්‍රිස්ටියන් ඕර්ස්ටඩ් 1777 – 1851 විසින් විද්යුත් ධාරාවක් ගමන් කරන සංනායකයක් වටා චුමබක ක්ෂේත්‍රයක් හට ගන්නා බව නිරීක්ෂණය කරන ලදි.


oersted.PNG

රූප.3.විද්යුත් සොයාගැනීමේ ඔ්ර්ස්ටඩ් ගේ නිරීක්ෂණය.                                                           

මෙම පුවත ඇසීමෙන්  දිරිමත් වූ එංගලන්තයේ මයිකල් ෆැරඩේ ක්‍රමානුකූල පරීක්ෂණ ඇරබීය.

වර්තමාන මනුෂ්‍යයාගේ තාක්ෂණය රදාපවතින්නේ ඔහුගේ සොයාගැනීම් තුනක්මතය.

  1. විද්‍යුත් ධාරාවකින් වස්තුවක් නොකඩවා භ්‍රමණය කරවීම. දැනට භාවිතාවන විදුලියන් කරකැවෙන, පංකා, ග්‍රයින්ඩර, වාහන හා නොයෙකුත් මෙවලම් සදහා යොදාගන්නා  මෝටරයයි.

  2. චුම්බක ක්ෂේත්‍රයක වස්තුවක් චලනය හෝ භ්‍රමනය කරවීමෙන් විදුලිය නිපදවීමයි.

     ස්ථීථි විද්යුතය, රසායනිකව හෝ ප්‍රභා ශක්තියෙන් ලබාගන්නා විදුලි බලය හැර අනකුත් සෑම විද්යුත් උත්පාදනයක්ම ,න්‍යෂ්ටක විද්යුතය පවා මේ අනුසාරයන් නිපද වේ.

  1. එක් සංනායක කම්බියක විද්‍යුත් ධාරාවක් යැවීම‍ෙන් අසල ඇති කම්බියක ධාරාවක් උත්පාදනය වීම.

අධිකර හා අවකර පරිණාමක , (ට්‍රාන්ස්ෆොමර) ක්‍රියාකාරී වන්නේ මේ සංසිද්ධියෙනි.   

 

රසායනික ප්‍රතික්‍රියාවන්ග‍ෙන් විදුලි ධාරාවක් ලබා ගත හැකි සේම විද්යුත් ධාරාවක් යැවීමෙන් රසායනික විපර්යාස සිදු විය යුතුය. මෙලෙස තර්ක කළ විලියම් නිකල්සන් අම්ල ස්වල්පයක් සහිත ජලයට ධාරාවක් යැවීමෙන්  ජලයෙහි සංඝටක වන ඹක්සිජන් හා හයිව්‍රජන් වලට වෙන් කරන ලදි.




        


Comments