Science‎ > ‎

විශාලකය.

posted May 8, 2018, 11:17 PM by Upali Salpadoru   [ updated May 8, 2018, 11:38 PM ]

Magnifying Glass

                


රූප.1.තේමිය විශාලකයක් භාවිතා කරයි.

ඔහුගේ මාමා විසින් දෙන ලද මෙම උපකරණයෙන් කුඩා දේ ලොකු කර බැලීමට පුළුවන. මෙය තුලින් ඔහු ඉතාමත් කුඩා කෘමීන්,පසෙහි ඇති දේ, පුෂ්ප පරාග වැනි නොයෙකුත් දේ නිරීක්ෂණය කළේය. උපකරණය හොදින් පරීක්ෂා කිරීමේ දී විශාලක වීදුරුවේ උඩු තලය  උඩ අතට ද, යටි තලය යටි අතට ද, වක්‍ර වී ඇති බැව් පෙනී ගියේ ය.

විශාලකයෙහි ඇත්තේ ද්වි උත්තල කාචයකි.

තේමිය, ඔහුගේ මිතුරන් වන අලි හා නෙලී ද එකතු කරගෙන පරීක්ෂණ කිහිපයක් ඇරඹී ය.

පරීක්ෂණය 1.

හිරු රැස් කාචය තුලින් යැවීම.


රූප 2. සමාන්තර කදම්බය අභිසාරී කෙරේ.

ඔවුන්හිරු රැස් වලට අභිලම්බක වන සේ තබාගත්තේ ය. කාචයට තරමක් දුරින් සුදුකඩදාසියක්, කාචයට සමාන්තරව තිරයක් ලෙස තැබී ය. විශාලකයේ සිට තිරයට ඇති දුර ක්‍රමයෙන් වෙනස් කරන ලදි.

සොයාගැනීම්

1.තිරයට වෘත්තාකාරව අාලෝකය පතිත විය.

2. තිරය දුරස් කිරීමේ දී ආලෝක වෘත්තය ක්‍රමයෙන් කුඩා විය.

3. තිරය දුරස් කිරීමේ දී අලෝක වෘත්තයේ දීප්තිය වැඩි විය.

ඔබගේ පරීක්ෂණය මෙතැනින් අවසන් කළ යුතු නැත.

තිරය තව දුරටත් අෑත් රමින් පාඨාංක ලබාගෙන ප්‍රස්ථාරය සම්පූර්ණ කළ හැකි ය.


නිගමනය

සමාන්තර ආලෝ ක කදම්බයක් විශාලකයක් තුලින් ගමන් කිරීමේ දී අභිසාරී කදම්බයක ට පෙරලෙයි.

පරීක්ෂණය 2.

රූප සටහනකින් පෙන්වා ඇති පරිදි විශාලකය තුලින් යන සමාන්තර කිරණ එක් වන ස්ථානය නාභිය යි (focus). මෙතැනට, වීදුරු තලයක් මත  පුළුුන් ටිකක් වැනි ගිනි ඇවිලීමට පහසු ද්‍රව්‍යයක් තබන්න. කුමක් වියහැකි ද ඔබගේ නිරීකෂණය?

_  _ _ _ _ _ _ _ _ _ _             

නිගමනය.
අාලෝක ශක්තිය මෙහිදී තාප ශක්තියට හැරී රසායන ප්‍රතික්‍රියවක් ඇති කරයි.

පරීක්ෂණය 3.

ඔබ ඉදිරියෙන් තල දර්පනයක් (කන්නාඩියක්) ඇති විට
එය ඔබගේ ප්‍රතිබිම්බය පෙන්වයි.  අමල් කවුලුවක් අසල රදවා නෙලී මෙලෙස විශාලකය තැබීය.  ලැබුන ප්‍රතිබිම්බය මෙහි දැක්වේ. ඔබ ද මෙය කර බලන්න. ප්‍රතිබිම්බය පැහැදිලිව පනෙීමට කාමරය තරමක් අදුරු විය යුතු ය.


රූප.2.කාචයෙන් ලබාගත හැකි තාත්වික (සත්‍ය) ප්‍රතිබිම්බයක්.

              අමල් ගේ හිස පහලට ප්‍රතිබිම්බයෙහි දිස් වීමට හේතුව , ආලෝක කිරණ කාචය තුලින් රූප    දැක්වෙන ආකාරයට යන නිසා විය යුතු ය.

අමල්ට ලැබෙන ආලෝකය සෑම දිශාවකටම වාගේ පරාවර්තනය වෙයි. ( විසාරීය පරාවර්තනය ) මේවායින් කිරණ දෙකක් පමණක් ගෙන ප්‍රතිබිම්බය ලැබෙන ආකාරය පැහැදිලි කළ හැකි ය.

රූප.3.හිසෙන් ලැබනෙ කිරණ පහලට ගොස් එක්වන අන්දම .

සමාන්තර කිරණ නාභිය හරහා යයි. කාචයේ මධ්‍යය හරහා යන කිරණ කෙලින්ම යයි.


පරීක්ෂණය 4.

පහන් දැල්ලක විවිධ ආකාරයේ ප්‍රතිබිම්භ ඉතා පහසුවෙන් ලබාගත හැකි ය. රූපයේ පෙනෙන අන්දමට දැල්ල ඉදිරියෙන් කාචය තබා අනෙක් පසින් සුදු කඩදාසියක් තබන්න. එකිනෙක අතර දුර වෙනස් කරමින් ලැබෙන ප්‍රතිබිම්බය පරීක්ෂා කරන්න.

මෙය අදුරු කාමරයක හෝ රාත්‍රී කාලයේ දී සිදු කිරීමෙන් වඩා හොදින් නිරීක් ෂණ ලබා ගත හැකි ය.

විශාලකයේ නාභි දුර වෙනස් වන්නේ නැත. වෙනස් වනුයේ වස්තු දුර  හා ප්‍රතිබිම්බ දුරයි. දුර මැනිය යුත්තේ ප්‍රතිබිම්බය ඉතාමත් පැහැදිලි අවස්ථාවන්හි දී ය.

                        රූප.4.විශාලිත ප්‍රතිබිම්බයක් ලැබෙන අවස්ථාවක්.



රූප.5.පරීක්ෂණ කිරීමනේ පසු තේ පානයක් සදා ගත්තේ මෙසේ ය.






   රූප. 6.ජලයේ යටි තලය වක්‍ර වී ඇති බැවින් ආලොකයේ වර්තනයක් (නැමීමක් ) සිදු වෙයි.


රූප.7.විශාලකයෙන් වස්තුවක වශාලිත ප්‍රතිබිම්බයක් සැදෙන අන්දම මෙම සටහනින් පෙන්වයි.


 




2. කාවයන්ගේ හැඩ තල.









3.සමාන්තර කදම්බයක් උත්තල කාචයක් තුනලින් අභිසාරී (එකතු) වන අයුරු.

Č



Comments